ගාල්ලේ පදිංචිකරුවෙකුට කොරෝනා

0
1225

කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ගාල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවකු කොරෝනා ආසාදිතයකු බව තහවුරු කරගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම පුද්ගලයා සමග සේවයේ නිරත පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් පසු ඊයේ (16) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී ඔහුගේ පීසීආර් පරීක්ෂණය සිදුකර තිබේ. ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු ඔහු ප්‍රතිකාර සඳහා ඉරණවිලට යොමුකර ඇති අතර මේ වනවිට එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් නිරෝධායනයට යොමුකර ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මෙම ආසාදිත තැනැත්තාගේ බිරිඳ හෙදියක වුව ද ඔහු නිවසට පැමිණි පසු ඇය රැකියාව සඳහා ගොස් නොමැති බවයි. ආසාදිත පුද්ගලයා ආගිය ස්ථාන පිළිබඳ කරුණු අනාවරණය වීමත් සමග එම ස්ථානවලට ද අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here