1.6 C
New York
Home Blog Page 1306

නිරෝධායන ඇඳුමෙන් රිෂාඩ් පාර්ලිමේන්තු ආ ඡායාරූප

0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රිෂාඩ් බදුයිදීන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අද (22) පාර්ලිමේන්තුවට බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන එන ලද්දේ විශේෂ නිරෝධායන ඇඳුමකිනි.

බන්ධනාගාරගත කරනු ලබන සියලුම දෙනා දින 14ක නිරෝධායන කාලයකට අනිවාර්යයෙන් ම ලක්කරනු ලැබේ.

රිෂාඩ් බදුයිදීන් මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුවට සහභාගීවීමට අවස්ථාව ලබාදෙන ලෙස පාර්ලිමේන්තුවෙන් බන්ධනාගාරය වෙත දන්වා තිබිණි. ඒ් අනුව අද (22) ඔහු පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය පහත ඡායාරූපවලින් දක්නට ලැබේ.

නිරෝධායන ඇඳුමෙන් පාර්ලිමේන්තුවට පැමිණි පළමු මන්ත්‍රීවරයා වන්නේ රිෂාඩ් බදුයිදීන් මන්ත්‍රීවරයාය.

-Advertisement-

ගාල්ල ධීවර වරායේ 166ක් සඳහා පීසීආර් පරීක්ෂණ

0

ගාල්ල ධීවර වරායේ ධීවරයන් ඇතුළු අනකුත් සේවකයන් සඳහා ගාල්ල මහ නගර සභා සෞඛ්‍ය අංශයේ මෙහෙයවීමෙන් අද (22) පීසීආර් පරීක්ෂණ පැවැත්විණි.

ඒ අනුව ගාල්ල ධීවර වරායේ සිටි 166 දෙනකුගේ ජෛව සාම්පල ලබාගැනීම සිදුකර තිබිණි. අද (22) උදෑසන ආරම්භ කළ මෙම කාර්යය අවසන් වන විට සවස 3.30 පමණ වූ බව සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

ධීවර වරායේ ධීවරයන්, ව්‍යාපාරිකයන් හා වීවිධ සේවා සපයන්නන්ගෙන් මෙලෙස පීසීආර් පරීක්ෂණ සඳහා ලබාගත් ජෛව සාම්පල කරාපිටිය ශික්ෂණ රෝහල වෙත යොමුකරන බව් එම ප්‍රතිඵල හෙට (23) ලැබෙනු ඇතැයි ද ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 

මේ අතර ගාල්ල ධීවර වරායට පිට ප්‍රදේශවලින් මාළු ගෙනයාමට පැමිණි ලොරි කිසිවකට අද ඇතුළුවීමට අවසර ලැබී තිබුණේ නැත. එම ලොරි රථ අද උදෑසන ධීවර වරාය ඉදිරිපිට මාර්ගයේ දක්නට ලැබිණි. එලෙස පැමිණි ධීවරයන් පිරිසක් ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කළ බව ධීවර වරායේ ප්‍රකාශකයකු කීවේය. 

-Advertisement-

කොළඹ කොටසකට ඇඳිරිනීතිය

0

කොරෝනා වසංගතය පැතිරීම පාලනය කිරීම සඳහා මට්ටක්කුලිය, මෝදර, බ්ලූමැන්ඩල්, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය යන පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

-Advertisement-

නව ව්‍යවස්ථාවකට මහජන අදහස් ඉල්ලයි

0

ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා මහජන අදහස් විමසීම ආරම්භ කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්නේ මහතා පවසයි.

යම් පුරවැසියකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෝජනා සහ අදහස් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ නම් එම යෝජනා සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන කවර භාෂාවකින් වුව ද ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන විශේෂඥ කමිටුව, අංක 32, පරිශ්‍ර අංක 02, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට තැපැල් මගින් යොමුකිරීමට හැකියාව තිබේ. මේ යෝජනා සහ අදහස් නොවැම්බර් 30ට පෙර එවිය යුතුය.

නැතිනම් [email protected] යන විද්‍යුත් ලිපිනයට ද යොමු කිරීමේ අවස්ථාව ලබා දී ඇත. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අධිකරණ අමාත්‍යාංශයේ www.moj.gov.lk යන වෙබ් අඩවියෙන් ද ලබාගත හැකියි.

මේ අතර 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාල විවාදය ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ඇරඹි අවස්ථාවේ දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අදහස් පළ කරමින් නව ව්‍යවස්ථාව කඩිනමින් ගෙන ඉදිරිපත් කරන බව කියා සිටියේය.

පසුගිය යහපාලන රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ”ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව” පත්කරන ලද අතර ලාල් විජේනායක මහතා එහි සභාපතිත්වය දැරීය. එම කමිටුව විසින් ශ්‍රී ලංකාව විෂයයන් 20ක් යටතේ දිස්ත්‍රික් මට්ටමින් මහජන අදහස් විමසමින් කමිටු වාර්තාවක් ද සකස් කරන ලදී.

-Advertisement-

වෛද්‍යවරියන් තිදෙනකු ඇතුළු කෑගල්ලේ 23කට කොරෝනා

0

කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරියන් තිදෙනකු ඇතුළු රෝගීන් 23 දෙනකු කෑගල්ල දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්වරයා පවසයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසන්නේ මේ සියලු දෙනාම මේ වනවිට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි. එමෙන් ම ඔවුන්ගේ ආශ්‍රිතයන් ද නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

කෑගල්ල රෝහලේ බාහිර රෝගී අංශයේ සේවය කරන ආසාදනය වූ එක් වෛද්‍යවරියකගේ සැමියාට, පුතාට, එම වෛද්‍යවරියගේ බාල දියණියට සහ නිවසේ සේවිකාවකට ද කොරෝනා ආසාදනය වී ඇති බව තවුරු වී තිබේ.

-Advertisement-

පාර්ලිමේන්තු සභා ගැබටත් කොරෝනා ආශ්‍රිතයෝ යති.

0

ඇමැතිවරු තිදෙනෙකු හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇතැයි අද (21) අනාවරණය විය.

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙසේ ආසාදිතයන්ගේ ස්පර්ශකයන් වී ඇත.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ යාල කොරෝනා ආසාදිත පුද්ගලයාගේ තොරතුරු සොයා බැලීමේ දී විපක්ෂ නායක ප්‍රේමදාස මහතා ඔහුගේ දෙවැනි පෙළ අසාදිතයකු බවයි.

මේ බව අනාවරණය වීමත් සමග ඔහුට ආරක්ෂාවන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය කරුණු පිළිබඳ දැනුම් දිමක් කළ බව ද අමාත්‍යවරිය කියා සිටියාය.

වෙළඳ කටයූතුු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා සහභාගී වූ වෙළෙඳ හමුවකට පිටකොටුවේ ව්‍යාපාරිකයකු පැමිණ ඇති අතර ඔහුගේ මුදල් අයකැමිවරයා කොරෝනා අසාදිතයකු බවට හඳුනාගෙන තිබිණි. මේ පිළිබඳ බුද්ධි අංශ මගින් දැනුම් දීමෙන් පසු තමන් පීසීආර් පරීක්ෂණයකට යොමු වූ බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කීවේය.

ආසාදිතයකු බවට හඳුනාගත් මතුගම බස් රියදුරාා ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා හමුවීම හේතුවෙන් ලොකුගේ අමාත්‍යවරයා ද කොරොනා ආශ්‍රිතයකු බවට පත්ව සිටියි. මේ බව අනාවරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසිනි.

ඒමෙන් ම පසුගිය දිනක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප වී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි බවත් අමාත්‍යවරයා සිටි ඇඳේ සිට දෙවැනි ඇඳේ සිටි රෝගියා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

මේ අනුව එම අමාත්‍යවරු තිදෙනා කොරොනා රෝගීන්ගේ ස්පර්ශකයන් බව හෙළිවිය.

-Advertisement-

ගාල්ලේ කොරෝනා පැතිරෙයි ද? දැන් ආසාදිතයන් 12ක්.

0

ගාල්ල දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා රෝගීන් ගණන මේ වනවිට 12ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අද (21) අහුංගල්ල කටුවිල දී හමුවූ රෝගීන් තිදෙනාා ද සමගිනි.

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වූයේ මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවකින් වන අතර මෙවර හමුවූ රෝගින් බහුතරයක් මිනුවන්ගොඩ එම ඇඟළුම් කම්හලේ සේවක සේවිකාවන් හෝ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වීම හේතුවෙන් එය මිනුවන්ගොඩ ඇගළුම් පොකුර ලෙස හැඳින්විනි.

නමුත් මේ වනවිට රටේ විවිධ ස්ථානවලින් දෛනිකව රෝගීන් හමුවන අතර ගාල්ලෙන් අද හමුවූ රෝගීන් වාර්තාවන්නේ අවමංගල්‍යයක් පැවැති නිවසකට පැමිණි අය අතරිනි. ඔවුන් කිසිවෙකුත් මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සමීපතමයන් නොවන අතර කොළඹ නැව් තටාංගනයේ සේවය කරන ආසාදිත තරුණයකුගේ ආශ්‍රිතයෝය.

මේ අනුව මිනුවන්ගොඩ ඇඟළුම් පොකුර පළමු පෙළ ආශ්‍රිතයන්ගෙන් පසු දෙවැනි පෙළට ගොස් ඇති බව පැහැදිලිිිිිවේ.

මෙහි දී ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් අවධානය යොමු කළ යුතු වන්නේ ගාල්ලෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් කවර ප්‍රදේශවලින් වාර්තා වී ඇත්ද යන්න පිළිබඳවයි.

පළමු ආසාදිතයා වාර්තාවන්නේ අහංගම ප්‍රදේශයෙනි. ඇඟළුම් සේවිකාවක් වන ඇය දානමය පිංකමකට සහභාගී වූ බැවින් විශාල පිරිසක් නිරෝධායනය සඳහා යොමුකිරීමට සිදුවිය. එසේ වුව ද පළමු පෙළ ආශ්‍රිතයන් අතර ආසාදිතයන් වාර්තා වූයේ නැත.

ගාල්ල වටරැක පදිංචි කාන්තාවක් කොරා්නා අසාදිත බවට හඳුනාගත් අතර ඇයගේ සමීපතමයන් සඳහා පැවැත්වූ පීසීආර් පරීක්ෂණ සෘණාත්මක වී තිබිණි. එසේ වුව ද ඇය කඩවත සිට ගාල්ලට පැමිණි අධිවේගී මාර්ග බස් රථයේ පැමිණි පිරිසට නිරෝධායනය වන ලෙස කියා සිටිය ද ඔවුන් කිසිවෙකුත් මේ දක්වාම ඉදිරිපත් වී නැත. ඇයට යාබද අසුනේ සිටි තැනැත්තන් හෝ සෙයාගැනීමට නොහැකිවීම ගැටලුවක් බැවින් ඔවුන්ගෙන් වයිරසය ගාල්ලේ සමාජගත වී ඇත්ද යන්න අප දන්නේ නැත.

ඉන්පසු ගාල්ලේ බටපොළ හා ඇල්පිටියෙන් රෝගීන් වාර්තා වූ අතර කාන්තාවන් වූ ඒ් දෙදෙනාම මිනුවන්ගොඩ කර්මාන්තශාලාවේ සේවිකාවෝය. ඔවුන්ගේ පළමු පෙළ සමීපතමයන්ට ද කොරෝනා ආසාදනය වී නැත. මේ සමගම නාගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක ද කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබුණ ද ඇය මාසයකට වැඩි කාලයකින් නිවසට පැමිණ නොතිබුණෙන් ඇයගෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි කිසිවෙකුට බලපෑම් වූයේ නැත.

ගාල්ල පෝද්දල පදිංි ලංකා විදුලි සමාගමේ කඳාන කාර්යාලයේ සේවකයකු කොරෝනා අසාදිතයැයි සෞඛ්‍ය අංශ පැවසූ අතර ඔහු ලග්ගල රෝහලට යොමුකර තිබිණි. මේ අතර ඔහුගේ පවුලේ සාමාජිකයන් ද නිරෝධායනයට යොමුකෙරිණි. නමුත් දින දෙකකට පසු සෞඛ්‍ය අංශ තහවුරු කළේ ඔහු ආසාදිතයකු බව සඳහන් කර ඇත්තේ පුද්ගලික රෝහලක් විසින් පීසීආර් වාර්තාව වරද්දාගැනීමෙන් බවයි. ඒ් වනවිටත් කොරෝනා ආසාදිතයන් සමග රෝහලක සිටි එම තැනැත්තා මේ වනවිටත් දික්වැල්ලේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටියි.

මේ අතර වඳුරඹ තරුණියකට කොරෝනා ඇති බව තහවුරු කෙරිණි ඇය ගමන්ගත් බස් රථ හඳුනාගත්ත ද ඒ් බසරථවල පැමිණී මගීන් කිසිවෙකුත් හඳුනාගැනීමට නොහැකි වූවෙන් ඒ තරුණියගේ ආශ්‍රිතයන් ආසාදනය වූවාදැයි දන්නේ නැත.

මේ සියල්ලෝම මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සාමාජිකයන් හෝ ඔවුන්ගේ සමීපතමයෝය. ඉන් පසු ගාල්ලෙන් වාර්තාවන්නේ කොළඹ නැව් තටාංගනයේ කොරෝනා ආසාදිත පිරිසයි.

ගාල්ලේ කිතුලම්පිටියේ පදිංචි නැව් තටාංගන නිලධාරියකු ආසාදිත බව මුල්වරට ගාල්ලෙන් වාර්තාවිය. ඔහු තම නිවස ආසන්නයේ ඇති සුපිරි වෙළඳ සැළකින් යෝගට් මිලදී ගෙන තිබුණෙන් සුපිරි වෙළඳ සැලේ සිටි කිහිප දෙනකු නිරෝධායනය කිරීමට සිදුවිය. ප්‍රතිඵලය වූයේ තරුණයකුට තම විවාහය කල් දැමීමට සිදුවීමයි. මේ අසාදිතයාගේ බිරිඳ කරාපිටිය ශික්ෂණ රෝහලේ හෙදියක වූ අතර ඇයට කොරෝනා අසාදනය වී තිබුණේ නැත.

ඉන් පසු කරන්දෙණිය, කබරගල හා අහුංගල්ල පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවකයන් තිදෙනකු ආසාදිත බව තහවුරු වී තිබිණි. මොවන්ගේ බරපතලම ගැටලුව වූයේ ඉන් දෙදෙනකු ම තමන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කළ බව පැවසීමයි. ඒ් අතරින් කරන්දෙණියේ පදිංචි ආසාදිත පුද්ගලයා දිනපතා අම්බලන්ගොඩ සහ කොළඹ අතර දුම්රියෙන් ගමන්කර තිබිණි. මේ තත්ත්වය කොරෝනා වසංගතය සමාජගතවීමට ඇති ඉතා සමීප අවස්ථාවක් බව සෞඛ්‍ය අංශ හඳුනාගෙන ඇත.

අහුුංගල්ල පදිංචි ආසාදිතයා පවසන්නේ තමන් යතුරුපැදියකින් රැකියාව සඳහා යන බවයි. එසේ වුව ද ඔහුගේ සමීපතම ඥාතියකුගේ නිවසේ පැවැති අවමංගල්‍ය අවස්ථාවවක දී ඔහු 12 වැනි දා රාත්‍රිය පුරා එම නිවසේ ගත කර තිබේ.එම නිවස පිහිටා ඇත්තේ අහුංගල්ල සිට ඌරගහ පාරේ කටුවිල ප්‍රදේශයේය. 13 වැනි දා ඔහු යළි ගොස් ඇත. එම තැනැත්තා ආසාදිතයකු බව හඳුනාගෙන ඇත්තේ පසුගිය 17 වැනි දින කරන ලද පීසීආර් පරීක්ෂණයෙනි. ඉන් පසු මළගෙදර සිටි පිරිස සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව මළ ගෙදර සිටි තිදෙනකු ආසාදිත වී තිබේ. ඔවුන් දින පහකට ආසන්න කාලයක් කොරෝනා වයිරසය සිරුරේ තිබිය දී සමාජය තුළ සැරිසරා තිබීම ගැටලුවක් බව සෞඛ්‍ය අංශ පවයි.

මේ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පදිංචි ගාල්ලේ පිරිස් ඇසුරු කළ 12 දෙනකු මේ වනවිට කොරෝනා ආසාදිතයන් බව තහවුරු කරගෙන ඇත. ඔවුන්ගේ පදිංචි ස්ථාන හා ආසාදනයට බලපෑ ස්ථානය පහත දක්වා ඇත.

  1. අහංගම – මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාව
  2. වටරැක -මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාව
  3. බටපොළ – මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාව
  4. ඇල්පිටිය – මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාව
  5. වදුරඹ – මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාව
  6. කිතුලම්පිටිය – කොළඹ නැව් තටාංගනය
  7. කරන්දෙණිය -කොළඹ නැව් තටාංගනය
  8. කබරගල -කොළඹ නැව් තටාංගනය
  9. අහුංගල්ල -කොළඹ නැව් තටාංගනය
  10. අහුංගල්ල – මළ ගෙදර
  11. අහුංගල්ල – මළ ගෙදර
  12. අහුංගල්ල – මළ ගෙදර
-Advertisement-

24 පැයේ ලෝකය

0

උත්සව සමයේ දී පරෙස්සම් වන්නැයි මෝදි ඉල්ලයි

දීපාවලී උත්සවයට සූදානම් වන බිලියනයකට අධික ජනතාවට ප්‍රවේශම්වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දන්වා සිටියි. ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී දේශනයකට එක්වෙමිනි.
ඉන්දියානු ජනතාව මේ දිනවල දීපාවලී උත්සවය සැමරීමට සූදානම් වෙති. එබැවින් තම ආරක්ෂාව පවත්වාගැනීම වැදගත් බවත් ජනතාව උත්සව පැවැත්වීම සඳහා රැස්වීමෙන් කොරෝනා වයිරසය පැතිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් කණස්සල්ලෙන් පසුවන බවත් මෝදි පවසයි.
”පසුගිය දිනවල බොහෝ ඡායාරූප හා වීඩියෝ දර්ශන අපි දුටුවා. එයින් පෙනෙන්නේ ජනතාව තම ආරක්ෂාව ගැන සැළකිලිමත් වනවා අඩු බව.” යැයි ඔහු අඟහරුවාදා රාත්‍රී රූපවාහිනී වැඩසටහනේ දී කීවේය.
එමෙන් ම එන්නත් පිළිබඳව ද අදහස් දැක්වූ මෝඩි කියා සිටියේ එහි නිෂ්පාදන කටයුතු වේගවත් කරන බවයි. එක්සත් ජනපදයේ ලක්ෂ 82ක් හා ඉන්දියාවේ වාර්තා වී ඇති ලක්ෂ 76කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් බව ද ඔහු පැවසීය.
උත්සව සමයේ දී මේ සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු නොකරන ලෙස මෝදි ඉල්ලා සිටියේ ය.
සෑම වර්ෂයක ම පැවැත්වෙන හින්දු ආගමික උත්සවවල දී පවුල්වල සාමාජික සාමාජිකාවන් හිත මිතුරන් සමඟ එක්වී සතුටින් ගතකිරීමත්, නැටුම් හා වෙනත් ප්‍රසංග පැවැත්වීමත්, ආගමික පුද පූජා පැවැත්වීමත් සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එසේ වුව ද කොරෝනා වසංගතය මෙවර උත්සව සමය වෙනස්කරනු ඇත.

එක්සත් ජනපද තානාපතිවරුන්ට සහ ඔත්තුකරුවන්ට එරෙහිව ප්‍රහාර

චීනය, කියුබාව සහ රුසියාව වැනි රටවල සිටින ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් විසින් අද්භූත ශබ්ද පිළිබඳ වාර්තා කර ඇති අතර එම ශබ්ද ඇසීමෙන් පසු හිසරදය, කරකැවිල්ල, ඇස්වල නොපැහිදිලි බව සහ මතක ශක්තිය නැතිවීම සිදුවන බව ද වාර්තා වෙයි. මෙම අමුතු රෝග ලක්ෂණ සඳහා හේතුව අපැහැදිලි වන අතර රහසිගත අධි තාක්ෂණික ආයුධ සහ විදේශීය ප්‍රහාරයක් පිළිබඳ සැකයක් ඇතිවී තිබේ
බලධාරීන් පවසන්නේ මේ තොරතුරුවල යම් සත්‍යතාවක් සැඟව පවතින බවයි. කෙසේ වෙතත් එක්සත් ජනපද නීති සම්පාදකයන් රාජ්‍ය දෙපාර්තමේන්තුව බලපෑම් කරමින් කියා සිටින්නේ අගෝස්තු මාසයේ දී මේ පිළිබඳ කරන ලද අධ්‍යයනයක් එළිදැක්විය යුතු බවයි.
2016-2017 කාලයේ දී කියුබාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අත්විඳින රෝග ලක්ෂණ හවායි සින්ඩ්‍රෝම් ලෙස හැඳින්වේ. අවසානයේ ට්‍රම්ප් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කරගැනීමට කටයුතු කළේය. ඒවැනිම තේරුම් නොගත් සිදුවූ චීනයේ ගුවැන්ෂු සහ රුසියාවේ මොස්කව් නුවර දී ද සිදුවිය.

නඩු පවරන්නාගේ සිට අයිතාසිකම් ආරක්ෂා කරන්නා දක්වා


චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරන නීති පද්ධතියේ ගුවැන්ෂුහි නීතිඥවරියක ලෙස යැං බින් මහත්මිය ගත කළ වසර 23 ක කාලයේ දී ඉමහත් කීර්තියක් අත්පත් කරගත්තාය.
මීට වසර පහකට පෙර දේශපාලන මැදහත්වීමකින් තොරව නිදහසේ නීතිඥ කටයුතු සිදුකිරීමේ බලාපොරොත්තුවෙන් නික්ම ගියේ මහත් ආශාවෙනි. දැන් ඇය බලධාරීන්ගේ ඉලක්කයක් වී සිටියි. ඇගේ බලපත්‍රය පවා අවලංගු වී ඇත. යැං මහත්මියගේ සිදුවීම මෑත වසරවල සිදුවූ දරුණුතම මර්ධනවල ස්වභාවය මූර්තිමත් කරන්නකි.
“බොහෝ අයට මේ ක්‍රමවේදය දෙස බැලූ විට එය ශක්තිමත්ව පෙනේ. ඒ දෙස බලනවිට මට පෙනී යන්නේ එහි ඇති අස්ථාවරත්වය පමණි.” යැං මහත්මිය පවසයි.

කැනඩාවේ පොකිරිස්සන් යුද්ධයක්.


කැනඩාවේ නෝවා ස්කොටියාහි ඉතා ලාභදායී පොකිරිස්සන් කර්මාන්තය පිළිබඳ ඇතිවූ ආරවුලක් ප්‍රචණ්ඩකාරී වී තිබේ.
පොකිරිස්සන් කර්මාන්තය සඳහා ලබාදී ඇති කාලයට පරිබාහිර කාලයේ දී පොකිරිස්සන් කොටුකර ගැනීමෙන් ඔවුන්ගේ ජීවනෝපායට තර්ජන සිදුවන බවට චෝදනා කරමින් වාණිජ ධීරව කර්මාන්තයේ යෙදෙන පිරිසක් විසින් පාරම්පරික ධීවරයන් පිරිසකට පහර දී තිබේ.
මෙම කණ්ඩායම පාරම්පරික ධීවරයන්ගේ ගොඩනැගිලි පවා ගිනිබත් කර ඇත.
සියවස් ගණනාවක සිට පැවත එන පාරම්පිරික පොකිරිස්සන් කර්මාන්තය පවත්වාගෙන යන්නේ එරට ආදිවාසී ජන කණ්ඩායමක් විසිනි. ඔවුන්ගේ අයිතීන් පිළිබඳ විවිධ කණ්ඩායම් පෙනී සිටින අතර අධිකරණයෙන් ද ඔවුන්ගේ ජන ජීවිතය පවත්වාගෙන යාමට පක්ෂව තීන්දු ලබා දී තිබේ.
කෙසේ වෙතත් විචාරකයන් පවසන්නේ කැනඩාවේ ඇතිවී තිබෙන මේ තත්ත්වය ආදිවාසීන්ට එරෙහි සිදුවීම් මාලාවක අලුත්ම ප්‍රවණතාව බවයි.

ලොව පුරා පුවත් කෙටියෙන්

ඊශ්‍රායලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය
කොරෝනා වසංගතයෙන් පසු එමීර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් අගෝස්තු මාසයේ දී මුල්වරට ඊශ්‍රායලයේ සංචාරය කළහ. එහි දී රටවල් දෙකෙහි පුරවැසියන්ට එම රටවල් අතර පහසුවෙන් ගමන් කිරීමට අවසර දීම ඇතුළු සම්බන්ධතා වර්ධනය කරගන්නා ආකාරය පිපළිබඳ අවබේධතා ගිවිසුම් අත්සන් කර ඇත. මේ හේතුවෙවන් අරාබි සහයෝගීතාව කෙරෙහි විශ්වාසය තබා ඇති පස්තීතීනුවන් මින් කලකිරීමට පත්වන බව විචාරකයෝ කියති.

කිම් වෝල්ගේ ඝාතකයා
2017 වර්ෂයේ දී තම නිවසේ දී මාධ්‍යවේදියකු ඝාතනය කිරීමට වරදකරු වී බන්ධනාගාරගතව සිටි ඩෙන්මාර්කයේ නව නිපැයුම්කරුවකු අඟහරුවාදා සිරෙන් පැණ ගියේය. සබ්මැරීනයක් නිර්මාණය කිරීමෙන් ඔහු නව නිපැයුම්කරුවකු ලෙස සැළකේ. බන්ධනාගාර නිලධාරියකු ප්‍රාණ ඇපයට ගෙන පැන ගිය ඔහු සුළු වේලාවකින් අත්අඩංගුවට පත්ව තිබිණි.

නිරෝගී මිනිසුන්ට කොරෝනා එන්නත් කරයි

ලන්ඩනයේ පර්යේෂකයන් පිරිසක් ලබන වසර ආරම්භයේ දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් සඳහා කොරෝනා වයිරසය ආසාදනය කිරීමට තීරණ කර ඇත. මෙලෙස නිරෝගී පුද්ගලයන් සඳහා කොරෝනා වයිරසය ආසාදනය කරනු ලබන්නේ දැනට පර්යේෂණ මට්ටමේ පවතින එන්නත් කිහිපයක සාර්ථකත්වය අත්හදා බැලීමේ අරමුණෙනි.

මෙවර මුල්ම අඟුලුදැමීම අයර්ලත්තයෙන්

කොරෝනා වයිරසය යළි පැතිරයාම හේතුවෙන් පූර්ණ අගුළු දැමීමක් සිදුකළ පළමු යුරෝපීය රට බවට අයර්ලත්තය පත්විය. බදාදා සිට සති හයක කාලයක් මෙලෙස අඟුළු දැමීම ක්‍රියාත්මක කරන බව රජය පවසයි. එම කාලයේ දී නිවෙස්වල රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇත.

චීන එන්නතක් 60,000ට දීලා

ලෝකය පුරා සායනික අත්හදාබැලීම් සඳහා යොමුව සිටින 60,000ක පමණ පිරිසකට චීනයේ නිෂ්පාදිත එන්නතක් ලබාදී ඇති බව චීන රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු පැවසීය. ඔහු වැඩිදුරටත් පවසන්නේ කිසිවෙකුට අහිතකර ප්‍රතික්‍රියා දක්නට ලැබී නොමැති බවයි.

-Advertisement-

පෑලියගොඩ මාළු තොග අළෙවි සැලේ 49ක් ආසාදිතයි

0

පෑලියගොඩ මාළු වෙළෙඳ සැලේ සේවය කරනු ලබන පුද්ගලයන් 49 දෙනෙකුට කොරෝනා ආසාදනය වීී ඇතැයි කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

මෙය මත්ස්‍ය තොග අළෙවි ස්ථානයකි. විවිධ ස්ථානවලින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් පෑලියගොඩ මත්ස්‍ය තොග වෙළඳ සැළට පැමිණ ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් මෙහි සේවය කරන පුද්ගලයන් 100ක පිරිසක් සඳහා අහඹු ලෙස පීසීආර් පරීක්ෂණ පවත්වා ඇත. එම පිරිස අතරින් 49 දෙනකු ආසාදිත බව තහවුරු වී තිබේ.

-Advertisement-

අහුංගල්ල අවදානමේ. කොරෝනා පොකුරක් හදයිද ?

0

අහුංගල්ල ඌරගහ පාරේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොළඹ නැව් තටාංගනයේ සේවය කළ පුද්ගලයකු මෙම අවමංගල්‍ය උත්සවයට පැමිණ ආපසු ගොස් සිටිය දී කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකළ පිරිසක් අතරින් මෙම තිදෙනා ආසාදිත බව සොයාගෙන තිබේ.
අවමංගල්‍ය පැවතියේ කටුවිල නම් ගම්මානයේය. මියගිය පුද්ගලයාගේ සමීපතම ඥාතියකු වූ නැව් තටංගනයේ සේවකයා පසුගිය 12 වැනි දා සවස එම නිවසට පැමිණ රාත්‍රී එහි ගතකර තිබේ. ඉන් පසු 13 වැනි දා අවසන් කටයුතු සිදුවීමෙන් අනතුරුව ඔහු යළි කොළඹ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
17 වැනි දින පීසීආර් පරීක්ෂණයකට යොමුකරන ලද අතර කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ කටුවිල නිවසේ සිටි පීරිස් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ අහුංගල්ල කටුවිල ගම්මානයේ අනිකුත් ආශ්‍රිතයන් සොයා නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි.

අහුංගල්ල මළ ගෙදර ආශ්‍රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වීම වැළැක්වීම සඳහා ප්‍රදේශවාසීන් කඩිනමින් ආරක්ෂාවීම ඉතාමත් වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

-Advertisement-