පාර්ලිමේන්තු සභා ගැබටත් කොරෝනා ආශ්‍රිතයෝ යති.

0
101

ඇමැතිවරු තිදෙනෙකු හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් බවට හඳුනාගෙන ඇතැයි අද (21) අනාවරණය විය.

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ සහ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මෙසේ ආසාදිතයන්ගේ ස්පර්ශකයන් වී ඇත.

සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ යාල කොරෝනා ආසාදිත පුද්ගලයාගේ තොරතුරු සොයා බැලීමේ දී විපක්ෂ නායක ප්‍රේමදාස මහතා ඔහුගේ දෙවැනි පෙළ අසාදිතයකු බවයි.

මේ බව අනාවරණය වීමත් සමග ඔහුට ආරක්ෂාවන ආකාරය හා පිළිපැදිය යුතු සෞඛ්‍ය කරුණු පිළිබඳ දැනුම් දිමක් කළ බව ද අමාත්‍යවරිය කියා සිටියාය.

වෙළඳ කටයූතුු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පසුගිය දා සහභාගී වූ වෙළෙඳ හමුවකට පිටකොටුවේ ව්‍යාපාරිකයකු පැමිණ ඇති අතර ඔහුගේ මුදල් අයකැමිවරයා කොරෝනා අසාදිතයකු බවට හඳුනාගෙන තිබිණි. මේ පිළිබඳ බුද්ධි අංශ මගින් දැනුම් දීමෙන් පසු තමන් පීසීආර් පරීක්ෂණයකට යොමු වූ බව ද බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කීවේය.

ආසාදිතයකු බවට හඳුනාගත් මතුගම බස් රියදුරාා ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා හමුවීම හේතුවෙන් ලොකුගේ අමාත්‍යවරයා ද කොරොනා ආශ්‍රිතයකු බවට පත්ව සිටියි. මේ බව අනාවරණය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා විසිනි.

ඒමෙන් ම පසුගිය දිනක රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අසනීප වී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර සිටි බවත් අමාත්‍යවරයා සිටි ඇඳේ සිට දෙවැනි ඇඳේ සිටි රෝගියා කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී තිබේ.

මේ අනුව එම අමාත්‍යවරු තිදෙනා කොරොනා රෝගීන්ගේ ස්පර්ශකයන් බව හෙළිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here