24 පැයේ ලෝකය

0
36

උත්සව සමයේ දී පරෙස්සම් වන්නැයි මෝදි ඉල්ලයි

දීපාවලී උත්සවයට සූදානම් වන බිලියනයකට අධික ජනතාවට ප්‍රවේශම්වන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දන්වා සිටියි. ඔහු මේ බව කියා සිටියේ රූපවාහිනී දේශනයකට එක්වෙමිනි.
ඉන්දියානු ජනතාව මේ දිනවල දීපාවලී උත්සවය සැමරීමට සූදානම් වෙති. එබැවින් තම ආරක්ෂාව පවත්වාගැනීම වැදගත් බවත් ජනතාව උත්සව පැවැත්වීම සඳහා රැස්වීමෙන් කොරෝනා වයිරසය පැතිරීම පිළිබඳ සෞඛ්‍ය බලධාරීන් කණස්සල්ලෙන් පසුවන බවත් මෝදි පවසයි.
”පසුගිය දිනවල බොහෝ ඡායාරූප හා වීඩියෝ දර්ශන අපි දුටුවා. එයින් පෙනෙන්නේ ජනතාව තම ආරක්ෂාව ගැන සැළකිලිමත් වනවා අඩු බව.” යැයි ඔහු අඟහරුවාදා රාත්‍රී රූපවාහිනී වැඩසටහනේ දී කීවේය.
එමෙන් ම එන්නත් පිළිබඳව ද අදහස් දැක්වූ මෝඩි කියා සිටියේ එහි නිෂ්පාදන කටයුතු වේගවත් කරන බවයි. එක්සත් ජනපදයේ ලක්ෂ 82ක් හා ඉන්දියාවේ වාර්තා වී ඇති ලක්ෂ 76කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් බව ද ඔහු පැවසීය.
උත්සව සමයේ දී මේ සංඛ්‍යාව ඉහළ දැමීමට කටයුතු නොකරන ලෙස මෝදි ඉල්ලා සිටියේ ය.
සෑම වර්ෂයක ම පැවැත්වෙන හින්දු ආගමික උත්සවවල දී පවුල්වල සාමාජික සාමාජිකාවන් හිත මිතුරන් සමඟ එක්වී සතුටින් ගතකිරීමත්, නැටුම් හා වෙනත් ප්‍රසංග පැවැත්වීමත්, ආගමික පුද පූජා පැවැත්වීමත් සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. එසේ වුව ද කොරෝනා වසංගතය මෙවර උත්සව සමය වෙනස්කරනු ඇත.

එක්සත් ජනපද තානාපතිවරුන්ට සහ ඔත්තුකරුවන්ට එරෙහිව ප්‍රහාර

චීනය, කියුබාව සහ රුසියාව වැනි රටවල සිටින ඇමෙරිකා එක්සත් ජනපද නිලධාරීන් විසින් අද්භූත ශබ්ද පිළිබඳ වාර්තා කර ඇති අතර එම ශබ්ද ඇසීමෙන් පසු හිසරදය, කරකැවිල්ල, ඇස්වල නොපැහිදිලි බව සහ මතක ශක්තිය නැතිවීම සිදුවන බව ද වාර්තා වෙයි. මෙම අමුතු රෝග ලක්ෂණ සඳහා හේතුව අපැහැදිලි වන අතර රහසිගත අධි තාක්ෂණික ආයුධ සහ විදේශීය ප්‍රහාරයක් පිළිබඳ සැකයක් ඇතිවී තිබේ
බලධාරීන් පවසන්නේ මේ තොරතුරුවල යම් සත්‍යතාවක් සැඟව පවතින බවයි. කෙසේ වෙතත් එක්සත් ජනපද නීති සම්පාදකයන් රාජ්‍ය දෙපාර්තමේන්තුව බලපෑම් කරමින් කියා සිටින්නේ අගෝස්තු මාසයේ දී මේ පිළිබඳ කරන ලද අධ්‍යයනයක් එළිදැක්විය යුතු බවයි.
2016-2017 කාලයේ දී කියුබාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් අත්විඳින රෝග ලක්ෂණ හවායි සින්ඩ්‍රෝම් ලෙස හැඳින්වේ. අවසානයේ ට්‍රම්ප් රාජ්‍ය තාන්ත්‍රිකයන් ඉවත්කරගැනීමට කටයුතු කළේය. ඒවැනිම තේරුම් නොගත් සිදුවූ චීනයේ ගුවැන්ෂු සහ රුසියාවේ මොස්කව් නුවර දී ද සිදුවිය.

නඩු පවරන්නාගේ සිට අයිතාසිකම් ආරක්ෂා කරන්නා දක්වා


චීන කොමියුනිස්ට් පක්ෂය විසින් පාලනය කරන නීති පද්ධතියේ ගුවැන්ෂුහි නීතිඥවරියක ලෙස යැං බින් මහත්මිය ගත කළ වසර 23 ක කාලයේ දී ඉමහත් කීර්තියක් අත්පත් කරගත්තාය.
මීට වසර පහකට පෙර දේශපාලන මැදහත්වීමකින් තොරව නිදහසේ නීතිඥ කටයුතු සිදුකිරීමේ බලාපොරොත්තුවෙන් නික්ම ගියේ මහත් ආශාවෙනි. දැන් ඇය බලධාරීන්ගේ ඉලක්කයක් වී සිටියි. ඇගේ බලපත්‍රය පවා අවලංගු වී ඇත. යැං මහත්මියගේ සිදුවීම මෑත වසරවල සිදුවූ දරුණුතම මර්ධනවල ස්වභාවය මූර්තිමත් කරන්නකි.
“බොහෝ අයට මේ ක්‍රමවේදය දෙස බැලූ විට එය ශක්තිමත්ව පෙනේ. ඒ දෙස බලනවිට මට පෙනී යන්නේ එහි ඇති අස්ථාවරත්වය පමණි.” යැං මහත්මිය පවසයි.

කැනඩාවේ පොකිරිස්සන් යුද්ධයක්.


කැනඩාවේ නෝවා ස්කොටියාහි ඉතා ලාභදායී පොකිරිස්සන් කර්මාන්තය පිළිබඳ ඇතිවූ ආරවුලක් ප්‍රචණ්ඩකාරී වී තිබේ.
පොකිරිස්සන් කර්මාන්තය සඳහා ලබාදී ඇති කාලයට පරිබාහිර කාලයේ දී පොකිරිස්සන් කොටුකර ගැනීමෙන් ඔවුන්ගේ ජීවනෝපායට තර්ජන සිදුවන බවට චෝදනා කරමින් වාණිජ ධීරව කර්මාන්තයේ යෙදෙන පිරිසක් විසින් පාරම්පරික ධීවරයන් පිරිසකට පහර දී තිබේ.
මෙම කණ්ඩායම පාරම්පරික ධීවරයන්ගේ ගොඩනැගිලි පවා ගිනිබත් කර ඇත.
සියවස් ගණනාවක සිට පැවත එන පාරම්පිරික පොකිරිස්සන් කර්මාන්තය පවත්වාගෙන යන්නේ එරට ආදිවාසී ජන කණ්ඩායමක් විසිනි. ඔවුන්ගේ අයිතීන් පිළිබඳ විවිධ කණ්ඩායම් පෙනී සිටින අතර අධිකරණයෙන් ද ඔවුන්ගේ ජන ජීවිතය පවත්වාගෙන යාමට පක්ෂව තීන්දු ලබා දී තිබේ.
කෙසේ වෙතත් විචාරකයන් පවසන්නේ කැනඩාවේ ඇතිවී තිබෙන මේ තත්ත්වය ආදිවාසීන්ට එරෙහි සිදුවීම් මාලාවක අලුත්ම ප්‍රවණතාව බවයි.

ලොව පුරා පුවත් කෙටියෙන්

ඊශ්‍රායලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය
කොරෝනා වසංගතයෙන් පසු එමීර් රාජ්‍යයේ රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් අගෝස්තු මාසයේ දී මුල්වරට ඊශ්‍රායලයේ සංචාරය කළහ. එහි දී රටවල් දෙකෙහි පුරවැසියන්ට එම රටවල් අතර පහසුවෙන් ගමන් කිරීමට අවසර දීම ඇතුළු සම්බන්ධතා වර්ධනය කරගන්නා ආකාරය පිපළිබඳ අවබේධතා ගිවිසුම් අත්සන් කර ඇත. මේ හේතුවෙවන් අරාබි සහයෝගීතාව කෙරෙහි විශ්වාසය තබා ඇති පස්තීතීනුවන් මින් කලකිරීමට පත්වන බව විචාරකයෝ කියති.

කිම් වෝල්ගේ ඝාතකයා
2017 වර්ෂයේ දී තම නිවසේ දී මාධ්‍යවේදියකු ඝාතනය කිරීමට වරදකරු වී බන්ධනාගාරගතව සිටි ඩෙන්මාර්කයේ නව නිපැයුම්කරුවකු අඟහරුවාදා සිරෙන් පැණ ගියේය. සබ්මැරීනයක් නිර්මාණය කිරීමෙන් ඔහු නව නිපැයුම්කරුවකු ලෙස සැළකේ. බන්ධනාගාර නිලධාරියකු ප්‍රාණ ඇපයට ගෙන පැන ගිය ඔහු සුළු වේලාවකින් අත්අඩංගුවට පත්ව තිබිණි.

නිරෝගී මිනිසුන්ට කොරෝනා එන්නත් කරයි

ලන්ඩනයේ පර්යේෂකයන් පිරිසක් ලබන වසර ආරම්භයේ දී ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නන් සඳහා කොරෝනා වයිරසය ආසාදනය කිරීමට තීරණ කර ඇත. මෙලෙස නිරෝගී පුද්ගලයන් සඳහා කොරෝනා වයිරසය ආසාදනය කරනු ලබන්නේ දැනට පර්යේෂණ මට්ටමේ පවතින එන්නත් කිහිපයක සාර්ථකත්වය අත්හදා බැලීමේ අරමුණෙනි.

මෙවර මුල්ම අඟුලුදැමීම අයර්ලත්තයෙන්

කොරෝනා වයිරසය යළි පැතිරයාම හේතුවෙන් පූර්ණ අගුළු දැමීමක් සිදුකළ පළමු යුරෝපීය රට බවට අයර්ලත්තය පත්විය. බදාදා සිට සති හයක කාලයක් මෙලෙස අඟුළු දැමීම ක්‍රියාත්මක කරන බව රජය පවසයි. එම කාලයේ දී නිවෙස්වල රැඳී සිටින ලෙස ජනතාවට දැනුම් දී ඇත.

චීන එන්නතක් 60,000ට දීලා

ලෝකය පුරා සායනික අත්හදාබැලීම් සඳහා යොමුව සිටින 60,000ක පමණ පිරිසකට චීනයේ නිෂ්පාදිත එන්නතක් ලබාදී ඇති බව චීන රජයේ ජ්‍යේෂ්ඨ නිලධාරියකු පැවසීය. ඔහු වැඩිදුරටත් පවසන්නේ කිසිවෙකුට අහිතකර ප්‍රතික්‍රියා දක්නට ලැබී නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here