අහුංගල්ල අවදානමේ. කොරෝනා පොකුරක් හදයිද ?

0
129

අහුංගල්ල ඌරගහ පාරේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ තිදෙනකු කොරෝනා ආසාදිතයන් බව තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
කොළඹ නැව් තටාංගනයේ සේවය කළ පුද්ගලයකු මෙම අවමංගල්‍ය උත්සවයට පැමිණ ආපසු ගොස් සිටිය දී කොරෝනා ආසාදිත බවට හඳුනාගැනීම හේතුවෙන් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකළ පිරිසක් අතරින් මෙම තිදෙනා ආසාදිත බව සොයාගෙන තිබේ.
අවමංගල්‍ය පැවතියේ කටුවිල නම් ගම්මානයේය. මියගිය පුද්ගලයාගේ සමීපතම ඥාතියකු වූ නැව් තටංගනයේ සේවකයා පසුගිය 12 වැනි දා සවස එම නිවසට පැමිණ රාත්‍රී එහි ගතකර තිබේ. ඉන් පසු 13 වැනි දා අවසන් කටයුතු සිදුවීමෙන් අනතුරුව ඔහු යළි කොළඹ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
17 වැනි දින පීසීආර් පරීක්ෂණයකට යොමුකරන ලද අතර කොරෝනා ආසාදිත බව තහවුරුවීමත් සමඟ කටුවිල නිවසේ සිටි පීරිස් පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසන්නේ අහුංගල්ල කටුවිල ගම්මානයේ අනිකුත් ආශ්‍රිතයන් සොයා නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කඩිනමින් කටයුතු කරමින් සිටින බවයි.

අහුංගල්ල මළ ගෙදර ආශ්‍රිතව කොරෝනා පොකුරක් නිර්මාණය වීම වැළැක්වීම සඳහා ප්‍රදේශවාසීන් කඩිනමින් ආරක්ෂාවීම ඉතාමත් වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here