spot_img
spot_imgspot_img

අතීත ගාල්ලේ කඩවත් සතර යනු කුමක් ද ?

පුවත්

විදෙස්

ගාල්ල මෙරට වූ විශාල තොටමුණකි. ආරාබි, පර්සියන් හා පසුකාලීන පෘතුගීසීන්, ලන්දේසීන් හා ඉංග්‍රීසීන් පැමිණීම හේතුවෙන් ක්‍රමයෙන් දියුණු වූ ගාල්ල යුරෝපා ජාතීන් වඩාත් සංවිධානාත්මක නගරයක් බවට පත්කරන ලදී.

ලන්දේසීන් මෙරට පාලනය කරන කාලයේ සිංහල රාජධානියෙන් පරිභාහිරව පාලනය ගෙන යන ප්‍රදේශ හඳුන්වන ලද්දේ දිසා නමිනි. ගාලූ දිසාව, කොළඹ දිසාව හා යාපනය දිසාව යනුවෙන් ඔවුන්ගේ පාලන ප්‍රදේශය කොටස් තුනකින් යුක්ත විය. එවකට මාතර අයත්වූයේ ද ගාලූ දිසාවටය. ගාල්ල ඛෙන්තර ‍ගඟේ සිට වළවේ ගඟ දක්වා ද රට මධ්‍යයෙන් බෙරලපනාතර, ඉමදුව, මාපලගම හා කටුවන දක්වා ද පැතිර තිබිණි.

වත්මන් ගාල්ල දිස්ත්‍රික්කය පැරණි ගාල්ල දිසාවෙන් කොටසකි. ඛෙන්තර ගඟේ සිට එය මුහුදු බඩ මාර්ගයෙන් ගොයියපාන ඇළ දක්වා පැතිර තිබිණි. අදට ද මේ මායිම ඒ ආකාරයෙන් ම තිඛෙි. මෙහි පාලනය සිදුවූයේ ගාලු කඩවත් සතරෙනි.

ගාලු කඩවත් සතරට අයත් වූයේ ගාලු නගරය හා උප නගරය යන දෙකොටසයි. නමුත් දැන් එවැනි කොටස් දෙකක් දක්නට නැතත් අතීතයේ තිබූ ගාලු කඩවත් සතර දැන් වපසරියෙන් බොහෝ සෙයින් කුඩා වී ඇත.

ලන්දේසි පාලන කාලයේ ගාල්ලේ ආරක්ෂක භටයන් රැඳවූ කඩවත් සතරක් තිබීම හේතුවෙන් ඉන් වටවූ ප්‍රදේශය කඩවත් සතර නම් විය. ඒ නමින් අදට ද ගාල්ල නගරය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හැඳින්වේ. මේ ස්ථාන හතරින් එකක් පිහිටියේ රූමස්සල කන්ද පාමුල පිහිටි පාළම අසළය. එතැන එක් මුරපොළකි. අනෙක් මුරපොළ පිහිටියේ බටදූවේ ය. භට පිරිසක් රඳවා තිබූ දූපතක් හේතුවෙන් මේ ස්ථානය බටදූව නමින් හැඳින් වූ බව පිළිගත් මතයකි.  එය කඩවත් දූව යනුවෙන් ද හ`දුන්වා ඇතැයි පැවසේ. අනෙක් කඩවත පිහිටියේ ගිංතොට පාලම අසළය. එතැන මුරපොළෙන් අවසර නොගෙන කිසිවෙකුට ගාල්ල නගරයට පැමිණීමට හැකියාවක් නැත. තවත් කඩවතක් බටුවන්තුඩාවේ පිහිටියේය. බටුවන්තුඩාව වර්තමාන ගාල්ල නගර සීමාවට අයත් වන්නේ නැත.

ගාල්ල නගරය ඉතා කුඩා වර්ග සැතපුම් හයහමාරක පමණ භූමි භාගයකි. මේ නගරය පසෙකින් කඳු වැටියකි. ඒ කඳුවැටිය මාතර තෙක් දිවෙන බැවින් මාතර කන්ද නමින් හැඳින්වූ බව කියයි.

ගාල්ල ගැන තතු දත්තවුන් කියන්නේ ගාල්ල සිට වක්වැල්ලට යන මාර්ගය අතීතයේ ඔරු පාරු ගිය මාර්ගයක් බවයි. අදට මහ වැස්සක දී යටවන වක්වැල්ල මාර්ගයට සමාන්තරව ගාල්ල නගරය තෙක් පැමිණෙන දිය මඟක් වෙයි. එය වක්වැල්ලේ සිට වටරැක ඔස්සේ වරාය දක්වා භාණ්ඩ ප්‍රවාහනයට තැනූ කැප්පූ ඇලට මිනුවන්ගොඩ දී එක්ව මුහුදට ගලා බසී.

අදට ද කැප්පූ ඇල, කෝප්පේ ඇල, මෝඩ් ඇල යනුවෙන් යුරෝපීයයන් විසින් කැපූ ඇල මාර්ග ගාල්ලේ දක්නට ලැඛෙයි. ඉංග්‍රීසි පාලන යුගයේ අවසන් කාලය දක්වා ම ගාල්ල නගරය වූයේ කොටුව අභ්‍යන්තරයේ ය. සියළු පරිපාලන ගොඩනැගිලි හා කාර්යාල පිහිටියේ පැරණි කොටුවේය.

රූමස්සල අසළ කඩවත පිහිටි ස්ථානය
බටුවන්තුඩාව කඩවත පිහිටි බවට සැළකෙන බටුවන්තුඩාව හන්දිය වර්තමානයේ දිස්වන ආකාරය
ගිංතොට පාළම – මෙම ස්ථානයේ එක් කඩවතක් පිහිටි බව සඳහන් වෙයි
අනෙක් කඩවත – බටදූව ප්‍රදේශයේ පිහිටි බවත් එහි බටයන් රැඳවූ දූවක් තිබූ බැවින් බටදූව වූ බවත් පැවසේ (නිශ්චිත ස්ථානය පැහැදිලි නැත)

1 COMMENT

  1. මමත් ගිංතොට.ඒ වුනාට මෙපමණ තොරතුරු දැනගත්තේ ඔබේ මෙම විස්තරයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!