spot_img
spot_imgspot_img

අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට, රජයට හා පුද්ගලික අංශයට වන්දි සූත්‍රයක් හඳුන්වා දෙයි

පුවත්

විදෙස්

රජයේ සංස්ථා ව්‍යවස්ථාපිත මණ්ඩල හෝ පෞද්ගලික අංශවල සේවකයන් අනිවාර්ය විශ්‍රාම ගැන්වීම හෝ ආයතනයේ අවශ්‍යතාව මත සේවය අවසන් කිරීම වෙනුවෙන් උපරිම රුපියල් ලක්ෂ 25ක් දක්වා වන්දි ගෙවීමට අදාළ පනත් කෙටුම්පත මේ වනවිට සකස් කරමින් පවතින බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

එය ඉදිරි මාස කිහිපය ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ද ඇමතිවරයා කීවේය.

සංස්ථා මණ්ඩල හා පෞද්ගලික සේවක සේවිකාවන් 35,21,695කට මේ අනුව විශේෂ ආරක්ෂාවක් සැලසෙන බව ද ඇමතිවරයා පවසයි. සේවය අවසන් කරන සේවකයකුට මේ දක්වා ගෙවන උපරිම වන්දි මුදල වූයේ 2005 වර්ෂයේ දී අනුමත වූ රුපියල් ලක්ෂ 12.5 ක මුදලකි. වසර 15කට පසු එම වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව පෙන්වාදුන් ඇමතිවරයා කොරෝනා හේතුවෙන් ඇතැම් ව්‍යාපාර මේ වනවිටත් වසා දැමීම හෝ සේවකයන් අවසන් කිරීමට කම්කරු අමාත්‍යාංශයෙන් අවසර ඉල්ලා ඇති නිසා කඩිනමින් නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇතැයි ද කීවේය.

එය කෙටුම්පත් කරමින් තිබෙන බවත් නීතිපතිවරයාගේ නිර්දේශය අනුව හැකි ඉක්මණින් පාර්ලමේන්තුවට ගෙන එන බවත් කම්කරු ඇමතිවරයා පවසයි.

සේවය අවසන් කරන අයකුට වන්දි සූත්‍රය අනුව වන්දි මුදල් ගෙවීම කළ යුතු බවත් ඒ අනුව අවම වන්දි මුදල ඔහුගේ වැටුප හා සේවා කාලය අනුව තීරණය වන බවත් ඇමතිවරයා පවසයි. විශ්‍රාම යාමට වසර 4කට වැඩි කාලයක් හිමි සියලු සේවකයන්ට මේ සූත්‍රය අනුව වන්දි ගෙවිය යුතු බව ද කම්කරු ඇමති කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!