spot_img
spot_imgspot_img

දික්වැල්ලෙන් කොරෝනා පොකුරක් මතුවෙයි ?

පුවත්

විදෙස්

දික්වැල්ලේ යෝනකපුර ප්‍රදේශයෙ ඊයේ (25) කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව කොරෝනා ආසාදිතයන් 19 දෙනකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත්තේ මේ දක්වා ලැබී ඇති පීසීආර් පරීක්ෂණ 52ක ප්‍රතිඵල අතරිනි. තවත් පුද්ගලයන් 05 දෙනකුගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල විශ්ලේෂණය කරමින් සිටින බව රසායනාගාරය විසින් දැනුම් දී තිබේ.

මෙම ආසාදිතයන් සියලු දෙනා අද (26) රාත්‍රියේ ම රෝහල්ගත කිරීමට කටයුතු කරන බවත් ඔවුන්ග‌ේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමුකරන බවත් සෞඛය අංශ පවසයි. දැනටමත් යෝනකපුර ග්‍රාම නිලධාරී වසම් දෙකක් මේ වනවිට හුදකලා තත්ත්වයට පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles