spot_img
spot_imgspot_img

පාසල් සිසුවකු නිසා පොලිසියේ කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනේ

පුවත්

විදෙස්

කළුතර දකුණ පොලිස් ස්ථානයේ  අංශ තුනක ස්ථානාධිපතිවරු ඇතුළු සිව් දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

පොලිසියෙන් මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ පාසල් සිසුවකු කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු ඔහුගේ ආශ්‍රිතයන් සොයා කරන ලද පරීක්ෂණවලිනි.

ඊයේ (24) උදෑසන බස්නාහිර පළාත් සීමාවේ කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පාස්ල සිසුවකු ආසාදිතයකු බව සෞඛ්‍ය අංශ විසින් හඳුනාගෙන තිබිණි. ඔහුගේ පියා කළුතර පොලිසියේ නිලධාරියෙකි. ඔහු සඳහා සිදුකරන ලද පරීක්ෂණයෙන් තහවුරු වූයේ එම නිලධාරියා ද කොරෝනා ආසාදිතයකු බවයි. ඒ අනුව කළුතර දකුණ පොලිස් ස්ථානයේ නිලධාරීන් 60 දෙනකුට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකර තිබූ අතර ඉන් තවත් නිලධාරීන් 04 දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබිණි.

මෙම ආසාදිත අය අතර කළුතර දකුණ පොලිසියේ අංශ භාර ස්ථානාධිපතිවරු තිදෙනකු හා කොස්තාපල්වරියක් ද සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

පොලිස් ස්ථානයේ අනෙක් නිලධාරීන් අද (25) පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකිරීමට කටයුතු කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!