spot_img
spot_imgspot_img

මියගිය කාන්තාවක් හොරෙන්ම වළ දාලා

පුවත්

විදෙස්

බේරුවල නිවසක නිරෝධායනය වෙමින් සිටිය දී මියගිය 78 හැවිරිදි කාන්තාවක් මියගොස් හොර රහසේම භූමදාන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව බේරුවල පොලිසිය පවසයි.

මෙම කාන්තාව සවස 4.00ට පමණ මියගොස් ඇති බවත් එදිනම රාත්‍රී 8.00 පමණ හොර රහසේ ම භූමදානය කර ඇති බවටත් තොරතුරු ලැබී තිබේ.

මේ වනවිට නිවසේ පදිංචිකරුවන් ස්වයං නිරෝධායනයට ලක්වන බැවින් පොලිසියට සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්සණයක් පැවැත්වීමට ද අපහසු වී ඇත.

බේරුවල චීන කොටුව ප්‍රදේශයේ දේවස්ථාන ප්‍රධානියකුට අයත් මෙම නිවසේ උණ රෝගීන් සිටින බවට ලැබුණු තොරතුරක් හේතුවෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් නිවැසියන් සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වා ඇත. නිවසේ සිට 15 දෙනකු අතරින් 04 දෙනකු කොරෝනා ආසාදිතයන් බව හඳුනාගෙන ඇත.

මේ හේතුවෙන් මියගොස් ඇතැයි පවසන කාන්තාව ඇතුළු නිවසේ සිටි අනෙක් 11 දෙනා ම ස්වයං නිරෝධායයට යොමුකර තිබිණි. බේරුවල පොලිසිය පවසන්නේ මේ සම්බන්ධයෙන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!