spot_img
spot_imgspot_img

“ගාල්ලේ අවශේෂ කැලෑ නෑ. තියෙන්නේ සුවිශේෂී කැලෑ” – දිසා වන නිලධාරී

පුවත්

විදෙස්

“ගාල්ල දිස්ත්‍රික්කයේ අවශේෂ කැලෑ කිසිවක් නෑ. තියෙන සියල්ල සුවිශේෂී කැලෑ. ඒ නිසා අවශේෂ කැලෑ කියලා නිදහස් කළ හැකි කිසිම භූමියක් නෑ.” යැයි ගාල්ල දිසා වන නිලධාරී ආචාර්ය වසන්ත ලියනගේ කීවේය.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී ය. අතිරේක දිසාපති ලලින්ද ගමගේ මූලාසන දරමින් මෙම කමිටුව පැවැති අවස්ථාවේ දී අවශේෂ කැලෑ ලෙස ඇති ඉදිරියේ දී වගා කළ හැකි භූමි පිළිබඳ විමසීමේ දී ආචාර්ය ලියනගේ මේ බව කීවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ යෝජිත රක්ෂිත, රක්ෂිත සහ දැඩි රක්ෂිත තිබෙන බවයි. ඒ සියල්ල සුවිශේෂී වනාන්තර මිස කිසිම අවශේෂ කැලෑ කියා හැඳින්වීමට නොහැකි බවයි. ඒ නිසා කිසිදු භූමියක් වගා බිම් සඳහා ලබාදිය නොහැකි බව ද ආචාර්ය වසන්ත ලියනගේ වැඩිදුරටත් කීවේය.

ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශේෂ කැලෑ ලබාදෙන ලෙස ගාල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේ දී ඉදිරිපත් වූ යෝජනාව එම ප්‍රකාශයත් සමඟ අවසන් විය.

ගොවි ජනතාවට සහන සැළසීම සඳහා බව පවසමින් 5/2001 චක්‍රලේඛය හදිසියේ අවලංගු කිරීමට රජය පසුගියා දා කටයුතු කළේය. ඒ අනුව අවශේෂ කැලෑ ලෙස හඳුනාගෙන ඇති ඉඩම් ගොවිජනතාවට වගා කිරීමට දීම සඳහායැය පවසමින් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මේ ඉඩම් පවරාගැනීම සඳහා එම යෝජනාව දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවට ඉදිරිපත් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!