spot_img
spot_imgspot_img

ස්වේච්ඡාවෙන් ම කොරෝනා රෝහලට ගිය දෙදෙනෙක්ට ඇත්තටම කොරෝනා

පුවත්

විදෙස්

වැලිගම ගල්බොක්ක ප්‍රදේශයේ පෙරේදා (08) පීසීආර් කරද්දී ඇතැම් පිරිස් සැඟවුණ ද ඊයේ (09) කොරෝනා ආසාදිතයන් 18 දෙනකු හඳුනාගැනීමත් සමඟ තවත් දෙදෙනකු තමන්ටත් කොරෝනා ඇතැයි පවසමින් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී රෝහල්ගතවීමේ සිදුවීමක් වාර්තාවෙයි.

තමන්ට කොරෝනා ඇති බව පවසමින් ස්වේච්ඡාවෙන් ම කෙනෙකු රෝහල්ගත වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

පෙරේදා කරන ලද පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල කිහිපයක් අද (10) උදෑසන ලැබී තිබිණි. ස්වේච්ඡාවෙන් රෝහල්ගත වූ දෙදෙනාගේ වාර්තා ඒ අතර තිබිණි. එම වාර්තාවලින් තහවුරු වූයේ ඔවුන් දෙදෙනාට ද කොරෝනා ආසාදනය වී ඇති බවයි.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඇතැම් පුද්ගලයන් කොරෝනා මර්ධන කටයුතු සඳහා විශාල සහයෝගයක් දක්වද්දී ඇතැම් පිරිස් සැඟවීමට උත්සාහ ගන්නා බවයි. ගල්බොක්කේ නිවස සිටි කාන්තාවන් 06 දෙනකු පෙරේදා පීසීආර් පරීක්ෂණ මඟහැර සැඟවෙන්නට උත්සාහ ගනිද්දී පොලිසිය කැඳවන බවත් පීසීආර් සඳහා ඉදිරිපත් නොවුණහොත් නිරෝධායන කඳවුරකට ගෙන යන බවත් පැවසී විට ඔවුන් අකමැත්තෙන් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වී තිබේ.

ඊයේ (09) ලැබුනු පීසීආර් පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වූයේ එම කාන්තාවන් 06 දෙනාටම කොරෝනා ආසාදනය වී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!