spot_img
spot_imgspot_img

බිළිඳු මරණයත් සමඟ කොරෝනා ආසාදිත මරණ දෙකක් තහවුරු කරයි

පුවත්

විදෙස්

කොාරෝනා ආසාදිත මරණ දෙකක් පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තොරතුරු මාධ්‍ය වෙත ලබා දී තිබේ.

ඒ අනුව මෙරට කොරෝනා වසංගතයෙන් මියගිය සංඛ්‍යාව 144ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (09) ලබාදුන් කොරෝනා ආසාදිත මරණ අතර මෙරට සිදුවූ ලාබාලම කොරෝනා මරණය වූ දින 20ක් වයසැති බිළිඳාගේ මරණය පිළිබඳව ද සඳහන් කර තිබේ. එම මරණය සිදුව ඇත්තේ ලේ විෂවීම, බහු ඉන්ද්‍රිය අක්‍රියවීම හා කොරෝනා නිව්මෝනියාව වැළඳීම ලෙස දක්වා ඇත.

මීට අමතරව කොළඹ 10 පදිංචි අවුරුදු 62ක පිරිමි පුද්ගලකු ද කොරෝනා නිව්මෝනියා තත්ත්වයෙන් මියගොස් ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!