spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව කොරෝනා පාලනය කළ ක්‍රමය වැරදියි. අපේ ම පර්යේෂණයකින් තහවුරු වෙයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ කොරෝනා පාලනය කිරීමට ගත් ක්‍රියාමාර්ගවල වරදක් ඇති බවත් කොරෝනා පාලනය කිරීම සඳහා කළ යුත්තේ ඇඳිරිනීති පැනවීම නොව පීසීආර් පරීක්ෂණ වැඩි කිරීම බවත් ශ්‍රී ලාංකික පර්යේෂකයන් පිරිසක් විසින් පෙන්වා දී තිබේ.

ඇඳිරිනීතිය පැනවීම කොපමණ දුරට කළ යුතු ද, මුහුණු ආවරණ අත්‍යාවශ්‍ය ද සහ පරික්ෂණ කිරීම කොතරම් වැදගත් ද යන්න පිළිබඳ බොහෝ පර්යේෂණ සිදුකරමින් තිබියදීත් එන්නතක් නොමැතිව වසංගතය මර්ධනය කිරීම සඳහා වඩාත් උචිත විසඳුමක් සොයාගන්නේ කෙසේ ද යන්න පිළිබඳ ජාත්‍යන්තර එකඟතාවක් නොමැත.

එවැනි තත්ත්වයක් යටතේ කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා වඩාත්ම වැදගත් ප්‍රවේශය වූයේ පීසීආර් පරීක්ෂණ බව ශ්‍රී ලංකා පර්යේෂකයන් විසින් තහවුරු කර එ් බව ජාත්‍යන්තර විද්‍යා සඟරාවක ප්‍රකාශයට පත්කර ඇත. Health Affairs නමැති ජාත්‍යන්තර සඟරාවේ මෙය ප්‍රකාශයට පත්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලෝකයේ සෑම රටකින් ම පරීක්ෂණ ධාරිතාව වැඩි කරන ලෙස මාර්තු මාසයේ දී ඉල්ලා සිටිය ද , ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදකයින් සහ වෛද්‍ය විශේෂඥයන් හට සිදුකළ යුතු පරීක්ෂණ ධාරිතාව කුමක් ද යන්න පිළිබඳව පොදු එකඟතාවයකට එළැඹීමට නොහැකි වූ අතර මැයි මාසයේ පළමු ඇඳිරිනිතිය අවසන් වීමෙන් පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්ෂණ හෝ පරීක්ෂණ ධාරිතාව සැළකිය යුතු ලෙස වැඩි කර නැත.

කොරෝනා පිළිබඳ සිදුකර ඇති ජාත්‍යන්තර පර්යේෂණවල තීරණාත්මක පරතරයක් ඇති බවවටහාගත් ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ පර්යේෂකයන් විසින් පරීක්ෂණ කොතරම් වැදගත් දැයි සොයා ගැනීම සඳහා ගෝලීය අධ්‍යයනයක් සිදුකරන ලදී. මෙම ප්‍රශ්නය පිළිබඳ මුලින් ම සොයා බැලූ ඔවුන්ගේ අධ්‍යයනය, එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය ප්‍රතිපත්ති සඟරාවක් වන Health Affairs ජර්නලයේ ප්‍රකාශයට පත්කර ඇත. ඒ 2021 ජනවාරි කලාපයේය. එහි වේගවත් ලිපියක් ලෙස මෙය ප්‍රකාශයට පත්කෙරේ.

ලොව පුරා රටවල් 173ක දත්ත භාවිතා කරමින් 2020 මාර්තු මස සිට ජුනි මාසය අතර කාලය තුළ දී, කොවිඩ් 19 පැතිරීම කෙරෙහි පරික්ෂණ කිරීමේ බලපෑම අධ්‍යයනය කිරීම මෙහි සිදුකර තිබේ. කොවිඩ් 19 වඩාත් හොඳින් පාලනය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ගෝලීය වශයෙන් පැහැදිලි අවබෝධයක් ලබාගැනීම සඳහා මෙම අධ්‍යයනය වැදගත් දායකත්වයක් සපයයි.

පීසීආර් පරීක්ෂණයේ තීව්‍රතාවය වෛරසය පැතිරීම කෙරෙහි විශාලතම බලපෑමක් කර ඇති බවත්, නව ආසාදිතයන් සඳහා පරීක්ෂණ අනුපාතය දස ගුණයකින් වැඩි වීමත් සමඟ සාමාන්‍ය කොවිඩ් 19 සම්ප්‍රේෂණය 9%කින් අඩු වී ඇති බවත් අධ්‍යයනයෙන් අනාවරණය විය.

තවද, පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව වැඩි කිරීමෙන් මුළු ආසාදිතයන් හා මරණ සංඛ්‍යාව අඩු වී ඇති බවත්, රටවල් කෙතරම් හොඳින් ක්‍රියාකර ඇත්ද යන්න පිළිබඳ වඩාත්ම වැදගත් සාධකය එය බවත් මෙම අද්‍යයනය මඟින් පෙන්වා දී ඇත. බොහෝ රටවල ඇඳිරි නීතිය පැනවීම මඟින් වයිරසය පැතිරීම අවම නොවූ බවත්, ඉහළ මට්ටමේ පරීක්සණ සංඛ්‍යා ආසාදිතයන් හඳුනා ගැනීම සහ හුදගලා කිරීමට වඩා අඩු බලපෑමක් මුහුණු ආවරණ පැළඳීම සහ පාසල් ආදිය වැසීම මගින් ඇති කරන බවත් අධ්‍යයනයෙන් සෙයාගෙන ඇත.

මෙහි ප්‍රධාන පර්යේෂකයා වන වෛද්‍ය රවීන්ද්‍ර පී. රත්නන්-එළිය මෙසේ පවසයි.

“අප කලාපයේ රටවල් කිහිපයක් වන චීනය, වියට්නාමය, කොරියාව සහ ඔ්ස්ට්‍රේලියාව හොඳ ප්‍රතිඵල ලබා ඇත ිබව දන්නවා. නමුත් ජාත්‍යන්තර විශේෂඥයන් කිසි විටෙකත් මුහුණු ආවරණ පැළඳීම, ඇදිරිනීතිය පැනවීම හෝ වෙනත් දෙයක් සමඟ එකඟ වුණේ නැහැ. අපගේ අධ්‍යයනයෙන් පෙනී යන්නේ ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්ෂව මෙම රටවල් ඉහළ මට්ටමක පීසීආර් පරඛී්ෂණ ප්‍රමාණයක් සිදුකර ඇති බැවින් ඔවුන් වඩා යහපත් ප්‍රතිඵලයක් ලබා ගැනීමට සමත්ව තිබෙන බවයි.”

මෙම අධ්‍යයනය මගින් ඔවුන් ශ්‍රී ලංකාව සඳහා වැදගත් යෝජනා ඉදිරිපත් කර තිබේ. කොවිඩ් – 19 ඵලදායී ලෙස පාලනය කිරීම සහ දෙවන රැල්ල වැළැක්වීම සඳහා පීසීආර් පරීක්ෂණ දාරිතාව කිසි විටෙකත් ප්‍රමාණවත් නොවන බව එයින් විද්‍යාත්මක සාක්ෂි සපයමින් පෙන්ව දෙනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ එක්සත් ජනපද රජයේ පරීක්ෂණ පිළිබඳ මාර්ගෝපදේශ ප්‍රමාණවත් නොවන බව ද මෙයින් පෙන්වා දෙයි. බොහෝ රටවල් කොරෝනා පාලනය කිරීම සඳහා වැඩි පරීක්ෂණ ප්‍රමාණයක් කළ යුතුය.

“ඉදිරි වසර දෙක තුළ රට සුරක්ෂිතව තබා ගැනීම සඳහා අපගේ හොඳම විකල්පය වන්නේ එන්නතක් නොමැතිව සාර්ථක වූ රවටල ආදර්ශය අනුගමනය කිරීමයි. පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා අපගේ ජාතික ධාරිතාව පුළුල් කිරීම  සඳහා අප වැඩි වශයෙන් ආයෝජනය කළ යුතුය. ඇඳිරි නීතිය පැනවීම සහ පාසල් වැසීම වළක්වා ගැනීමට සහ අපගේ ආර්ථිකය ආරක්ෂා කිරීමට මෙය හොඳම ක්‍රමය බව ගෝලීය දත්තවලින් පැහැදිලි වේ.” යනුවෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය රන්නන් එළිය තවදුරටත් පැවසීය.

මෙම අධ්‍යනය සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනයේ සම්පත් භාවිතා කරමින් වන අතර මේ සඳහා කිසිදු බාහිර අරමුදල් සැපයීමක් සිදු වී නැත. ඒ පිළිබඳ වෛද්‍ය රන්නන් එළිය මෙසේ කීවේය.

“පළමු ඇඳිරිනීති කාලයේ දී අපි මෙය ආරම්භ කළේ රටට උපකාර කිරීමට මාර්ගයක් සෙවීම සඳහා නමුත් එය ජාත්‍යන්තරව ප්‍රකාශයට  පත් වේ යැයි අපි කිසිම අවස්ථාවක හිතුවේ නැහැ. ශ්‍රී ලංකාව මෙවැනි පර්යේෂණ සඳහා අරමුදල් සෙවීම කිසි විටෙක පහසු දෙයක් නොවෙයි. අප කණ්ඩායමේ බොහෝ දෙනේ වැටුප් කප්පාදු සහිතව දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වී මෙම වැඩ කටයුතු කරගෙන ගියා. බාහිර උපකාර නොමැතිව ශ්‍රී ලංකාවේ අපට කළ හැකි දේ ගැන අපි ඇත්තටම ආඩබ්මර වෙනවා. එය අනෙක් ශ්‍රී ලාංකික පර්යේෂකයන්ට ආදර්ශයක් වේවි. අපට සෑම අවස්ථාවකම බාහිර පර්යේෂණ මත යැපීමට අවශ්‍ය නැහැ. අපට ද ගොලීය ප්‍රතිපත්ති සඳහා සැළකිය යුතු දායකත්වයක් ලබා දිය හැකි බව මෙයින් පැහැදිලි වෙනවා.”

ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය යනු කොළඹ පිහිටි ලාභ නොලබන ස්වාධීන පර්යේෂණ ආයතනයකි. එය ශ්‍රී ලංකාවේ සහ ආසියානු කලාපයේ සෞඛ්‍ය පද්ධති සහ සමාජ ප්‍රතිපත්ති වැඩිදියුණු කිරිමට ක්‍රියා කරයි. එහි අරමුණ වන්නේ වඩාත් දැනුවත් සෞඛ්‍ය ප්‍රතිපත්තියක් කරා යොමු කිරීම, එමඟින් ස්වාධීන පර්යේෂණ පැවැත්වීම, විෂය මූලික විශ්ලේෂණය සහ පුහුණුව ලබාදීඹ ගින් සියලු ජනතාවට වඩා හොඳ ප්‍රතිඵල අත්කර දීමයි.

ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රතිප්තති ආයතනයේ කණ්ඩායම වෛද්‍යවරුන, ආර්ථික විද්‍යාඥයන්, සංඛ්‍යනඥයින්, රසායනාගාර විශේෂඥයන් ඇතුළු නිලධාරීන්ගෙන් සමන්විතය. මෙම පර්යේෂණ කණ්ඩායම මෙහෙයවූ වෛද්‍ය රනන් එලිය කේම්බ්‍රිජ් සහ හාවඩ් විශ්වවිද්‍යාලයන් හි සුදුසුකම් ලැබූ වෛද්‍යවරයකු මහජන සෞඛ්‍ය විශේෂ:යකු හා ආරථික විද්‍යාඥයකු ද වෙයි.

මෙම කණ්ඩායමට වෛද්‍ය රවින්ද්‍ර පී රන්න්-එළිය ට අමතරව නිල්මිණි විජේමුණිගේ, ජේ.ආර්.එන්.ඒ.ගුණවර්ධන, සරසි එන්.අමරසිංහ, ඊශ්වරී සිවඥානම්, සචිනි ෆොන්සේකා, යසෝධරා කපුගේ චතුරානි පී සිගේරා යන පිරිස ඇතුළත් වෙති.

සබැඳිය පහතින් දක්වා ඇත.

https://www.healthaffairs.org/doi/10.1377/hlthaff.2020.01409

වෛද්‍ය රවීන්ද්‍ර පී රන්නන්-එළිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!