spot_img
spot_imgspot_img

බුරවි සුළි කුණාටුව අද දහවල් දිවයිනෙන් බැහැරව යයි

පුවත්

විදෙස්

බුරවි සුළු කුණාටුව මේ වනවිට ක්‍රමයෙන් මන්නාරම් බොක්ක දෙසට ගමන් කරමින් සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි සුළං ප්‍රවාහයන්හි වේගය පැයට කිලෝ මීටර 70-80ත් අතර පැවැති බවත් ඇතැම් අවස්ථාවල දී පැයට කිලෝ මීටර 90ක් දක්වා වැඩි වූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

සුළි කුණාටුව අද දහවල් කාලයේ දිවයිනෙන් බැහැර ගමන් කරනු ඇතැයි ද ඔවුහු කියති.

ජාතික ආපදා කළමනාරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් ප්‍රදීප් කොඩිප්පිලි පවසන්නේ බුරවි සුළි කුණාටුව හේතුවෙන් මේ වනතෙක් බරපතල හානි කිසිවවක් දිස්ත්‍රික් ආපදා කමිටු මගින් වාර්තාකර නොමැති බවයි.

එක් පුද්ගලයකු අතුරුදන් වීම, ගස් කඩා වැටීම්, පහත් බිම් ජලයෙන් යටවීම් වැනි සිදුවීම් කිහිපයක්ම මුලතිව්, වව්නියාව සහ මන්නාරම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවත් එම ස්ථාන සඳහා ආපදා සහන කණ්ඩායම් මේ වන විටත් යොමු කොට ඇති බව ද ඔහු කීවේය.

උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ ඉතා තද වැසි ඇතිවිය හැක.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලටත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!