ඉන්දියාවේ ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට නීති විරෝධී ලෙස ඇතුළුවීමවැළැක්වීමේ පියරක් ලෙස ධීවර අමාත්‍යාංශය ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා පිළිබඳ තොරතුරු ඉන්දීය රජය සමඟ හුවමාරු කරගැනීමට පියවර ගෙන ඇතැයි ධීවර අමාත්‍යාංශය පවසයි.
ධීවර අමාත්‍යාංශය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව චන්ද්‍රිකා ඔස්සේ ද ලබාගන්නා තොරතුරු මෙලෙස ඉන්දියාව සමඟ බෙදාගැනීම සිදුකරයි.
ඉන්දියාවේ ධීවරයන් ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් පැමිණීම කොරෝනා වසංගතයට මෙන්ම උතුරේ ධීවරයන්ගේ ජීවනෝපායට බලපාන බැවින් උතුරු මුහුදට ඉන්දියානු ධීවරයන් ඇතුළුවීම වැළැක්වීමට පියවර රැසක් ගෙන ඇති බව ධීවර අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව විසින් දැනටමත් ඉන්දියාවට ලබා දී ඇති තොරතුරු අනුව තමිල්නාඩුවේ ධීවරයන් 97 දෙනකුගේ ට්‍රෝලර් යාත්‍රාවලට ඉන්ධන ලබා නොදීමටත්, මසුන් ඇල්ලීමේ බලපත්‍ර අවලංගු කිරීමටත් තමිල්නාඩු ධීවර බලධාරීන් ඊයේ (29) පියවර ගෙන තිබේ.
මෙයට විරෝධය දක්වමින් ඉන්දියාවේ ධීවරයේ උද්ඝෝෂණයක ද නිරතවූහ.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ඉන්දික ද සිල්වා පවසන්නේ ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවට ඇතුළු වී මසුන් මැරීමේ නිරත වූ ඉන්දියානු ට්‍රොලර් යාත්‍රා පිළිබඳ තොරතුරු නාවික හමුදාව විසින් බෙදාගත් බවයි. නමුත් එම දත්ත රැස්කළ ආකාරය හෙතෙම හෙළිකරන්නේ නැත.
ඉන්දීය ධීවරයන් හා ශ්‍රී ලංකාවේ ධීවරයන් අතර ඇතිවන ගැටලුවලට විසඳුම් සෙවීම සඳහා රජය රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ ඉන්දීය බලධාරීන් සමඟ සමීපව කටයුතු කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද බදාදා පාර්ලිමේන්තුවේ දී කීවේය.
ඔහු කියා සිටියේ දෙරට අග්‍රාමාත්‍යවරුන් අතර පසුගිය දා පැවැති සාකච්ඡාවේ දී පවා මේ පිළිබඳ කරුණු මතු වී තිබූ බවයි.
උතුරේ ධීවරයන් පවසන්නේ ඉන්දියානු ධීවරයන් ශ්‍රී ලංකා වෙරළට කිලෝමීටර තුනක් තරම් සමීප ප්‍රදේශයේ පවා මේ දිනවල මසුන් ඇල්ලීමේ නිරතව සිටින බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් නාවික හමුදාව ඔවුන් අත්අඩංගුවට නොගන්නා බව ද ඔවුහු චෝදනා කරති.