spot_img
spot_imgspot_img

දකුණු පළාතේ කොරෝනා තත්ත්වය

පුවත්

විදෙස්

දකුණු පළාතෙන් ඊයේ (24) වාර්තා වූ ආසාදිතයන් 05 දෙනා සමග සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 246ක් දක්වා ඉහළ ගොස් ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා කියා සිටියේ ඊයේ ගාල්ල දිස්‍ත්‍රික්කයෙන් ආසාදිතයන් 04 දෙනකු වාර්තා වූ බවයි. ඔවුන් හතර දෙනා අතර අම්බලන්ගොඩ පදිංචි ආරක්ෂක අංශ නිලධාරියකු සහ ඔහුගේ බිරිඳ ද සිටියි. ඊට අමතරව හික්කඩුව සහ බලපිටිය පදිංචිකරුවන් දෙදෙනකු ද ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබිණි. අනෙක් ආසාදිත පුද්ලයා වාර්තා වන්නේ මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙනි.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 164ක් වන අතර මාතර දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 53ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 29ක් වාර්තා වෙයි.

මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 32කි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 16ක් සුවය ලබා ඇති අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් කිසිවෙකුත් සුවය ලබා නැත.

දකුණු පළාතේ ස්වයං නිරෝධායනයට යොමුකර ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2223කි. ඔවුන් පවුල් වශයෙන් 931ක් බව ද මහගමගේ මහතා කීවේය. ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 470ක පුද්ගලයන් 1086ක් නිරෝධායනයට යොමුකර ඇති අතර මතර දිස්ත්‍රික්කයේ පවුල් 320ක පුද්ගලයන් 820ක් හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 141ක පුද්ගලන් 317 දෙනකු නිරෝධායනයට යොමුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!