spot_img

හිසකෙස් වර්ණක, හොරට සැකසූ ආයතනයක් වටලයි

පුවත්

විදෙස්

ව්‍යාජ ලෙස සකස් කරමින් තිබූ හිසකෙස් වර්ණක තොගයක් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පසුගිය 02 වැනි දා මට්ටක්කුලිය, මෝදර ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකර ඇත.

ප්‍රසිද්ධ වෙළෙඳ නාමයක් යටතේ මෙරට වෙළෙඳ පොළට ග්‍රෑම් 21ක අසුරණවල අළෙවි කරන හිසකෙස් ආලේපන වර්ගයක් මෙම ස්ථානයේ දී ව්‍යාජ ලෙස කසා සත්‍ය නිෂ්පාදකයාගේ නම, ලිපිනය ඇතුළු තොරතුරු සහිත ආරක්ෂිත ස්ටිකරය ද ඒ ආකාරයෙන් ම ඇතුළත් කරමින් ග්‍රෑම් 7,8,9,10 ප්‍රමාණවලින් ව්‍යාජ හිසකෙස් වර්ණක සකස් කර තිබිණි.

නීති විරෝධී ලෙස කටයුතු කරමින් ආනයනය කරන ලද වෙනත් නිෂ්පාදනයක් මෙලෙස වෙනත් නිෂ්පාදකයකුගේ සන්නාමය භාවිතා කරමින් ‍සකසා බෙදාහැරීම වසර ගණනාවක් සිදුකරගෙන ගොස් ඇති බවට පාරිභෝගික අධිකාරියට තොරතුරු ලැබී තිබිණි. අදාල ව්‍යාජ නිෂ්පාදනයෙහි ඇමෝනියා අඩංගු නොවන බව සදහන්කර තිබුන ද ඒ සම්බන්ධව තව දුරටත් විමර්ශන සිදු කරමින් පවතී.

මෙම වැටලීමේ දී රුපියල් ලක්ෂ 280ක් පමණ වටිනා කමක් ඇති ව්‍යාජ නිෂ්පාදන අඩංගු ඇසුරුම් 130,000ක් සොයාගෙන ඇත. පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරන්නේ මෙම ව්‍යාජ නිෂ්පාදන තොගය සහ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles