spot_img

පාසල් දැරියකට අතවර කළ පාසල් සිසුන් 05ක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට

පුවත්

විදෙස්

පාසල් සිසුවියක සමූහ අතවරයට ලක්කළ පාසල් සිසුන් 05 දෙනකු ඇතුළු 07 දෙනකු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

අතවරයට ලක් වූ දැරිය සමඟ ඇගේ දෙමාපියන් හෝමාගම පොලිසියට පැමිණ කරන ලද පැමිණිල්ලකට අනුව මෙම කණ්ඩායම අත්අඩංගුවට ගෙන තිබේ.

15 හැවිරිදි පාසල් සිසුවිය උපකාරක පන්තියකට යන බව පවසා සිය පෙම්වතා හමුවීමට ගොස් ඇත. එම අවස්ථාවේ දී ඇය රැගෙන තම මිතුරකු සිටින හෝමාගම නිවකට ගිය ඔහු එම නිවසේ දී ඇයට අතවර කර තිබේ. ඉන් පසු එදින උදෑසන 9.00ත් සවස 3.00ත් අතර පැය හයක පමණ කාලයක් ඇතුළත ඇය තවත් නිවාස තුනකට රැගෙන ගොස් ඇගේ පෙම්වතා ඇතුළු ඔහුගේ මිතුරන් වරින් වර ඇයට බරපතල ලිංගිත අතවර කර ඇතැයි විමර්ශනවල දී අනාවරණය වී ඇත.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර එම පාසල් සිසුවියගේ පෙම්වතා ඇතුළු වයස අවුරුදු 15ත් 16ත් අතර පාසල් සිසුන් 05 දෙනකු සිටින අතර වයස අවුරුදු 17ත් 19 ත් අතර දෙදෙනකු සිටින බවත් පොලිසිය සඳහන් කරයි. මෙම සැකකරුවන් හෝමාගම ප්‍රදේශයේ ම පාසල්වල ඉගෙනුම ලබන හෝමාගම පදිංචිකරුවන් බව ද අනාවරණ්‍ය වී ඇත.

සැකකරුවන් විසින් පාසල් දැරිය ප්‍රවාහනයට යොදාගත් යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

එම දැරිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලගත කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් හත්දෙනා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද (04) ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles