spot_img

වෛද්‍යවරු, වර්ජනයකට සැරසෙති

පුවත්

විදෙස්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ අමතර රාජකාරී දීමනාව සහ නිවාඩු දින දීමනාව කප්පාදු කිරීම සම්බන්ධයෙවන් පිළිගත හැකි විසඳුමක් නොලැබෙන්නේ නම් වැඩ වර්ජනයකට යාමට තීරණයක් ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

වෛද්‍යවරුන්ට අමතර රාජකාරී දීමනාව මූලික වැටුපෙන් 1/80ක් ලෙස ලබා දුන් අතර නිවාඩු දින දීමනාව මූලික වැටුපෙන් 1/20ක් ලෙස ලබා දී තිබිණි. මෙවර 2025 අයවැයෙන් එම දීමනා අමතර රාජකාරී දීමනාව 1/120 බවටත්, නිවාඩු දින දීමනාව 1/30ක් ලෙසටත් වෙනස් කර ඇත.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස පවසන්නේ මාර්තු මස 06 වැනි දින වවිට මෙය නැවත නිවැරදි නොකළහොත් මාර්තු 07 දින සිට දැඩි තීන්දුවක් ගැනීමට කටයුතු කරන බවයි.

“මේ නැවැරදි කිරීම 06 වැනි දා හෝ කරන්න ඕනේ. නැත්නම් 07  වැනි දා සිට අපි දැඩි තීරණයක් ගන්නවා. රජයට හිතන්න වේවි සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්නේ කොහොම ද කියලා.” ඔහු වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles