spot_img

පාසල් වෑන් රථයක් අනතුරක, ළමුන් 14ක් රෝහලේ

පුවත්

විදෙස්

කුරුවිට, අඩවිකන්ද ප්‍රදේශයේ දී පාසල් ළමුන් රැගත් වෑන් රථයක් අද (03) උදෑසන අනතුරට ලක්වීමෙන් ළමුන් 14 දෙනකු සහ රියදුරා තුවාල ලබා එරත්න ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එරත්න දෙස සිට අඩවිකන්ද දෙසට ගමන්ගත් වෑන් රථයකි. එය රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගය අසළ තිබූ ගසක ගැටීමෙන් මේ අනතුර සිදුව ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ අවුරුදු 11ත් 14ත් අතර වයස්වල පසුවන පාසල් ළමුන් 14ක් හා කාන්තාවක් ගමන් කර ඇති බව ද පොලිසිය පවසයි.

එම සිසු සිසුවියන් අතරින් සුළු තුවාල ලැබූ 10 දෙනකු රෝහලෙන් පිටව ගොස් ඇත. අනෙක් ළමයින් සිව්දෙනා සහ රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට යොමුකර යැවූ බව වෛද්‍යවරු කියති.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles