ඉන්ධන මිල සූත්‍රයේ මාසික සංශෝධනයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.
නව සංශෝධනයට අනුව ඔක්ටේන් 32 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 21.00කින් අඩුකර ඇති අතර එහි නව මිල ලීටරයක් රුපියල් 311.00කි.
ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිලෙහි කිසිඳු වෙනසක් සිදු නොවන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 24.00කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 283.00කි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 33.00කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 319.00කි.
ලංකා භූමිතෙල් ලීටරයක මිල රුපියල් 19.00කින් අඩු කෙරෙන අතර එහි නව මිල රුපියල් 183.00කි