9.8 C
New York

ජනාධිපති ධූර කාලය දිගු කිරීමට, හදිසි පනතක් ?

Published:

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අනුව එක් ස්ථානයක ජනාධිපති ධූර කාලය වසර 05ක් ලෙසත්, තවත් ස්ථානයක වසර 06ක් ලෙසත් සටහන්ව තිබීමේ ගැටලුව විසඳීම සඳහා හදිසි පනතක් පාර්ලිමේන්තුවට ගෙන එන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර පවසයි.

පාලිත රංගේ බණ්ඩාර මේ බව කියා සිටියේ අද (05) මැදවච්චියේ පැවති ජනහමුවක දී ය. පාර්ලිමේන්තුවට ගෙන එන පනත් ගැන කීව ද එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්වරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නොවේ. නමුත් ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ ගැටලුව විසඳීම සඳහා ඇමති මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බවයි.

ඒ අනුව අවශ්‍ය පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර කඩිනමින් සම්මත කරගැනීමට අපේක්ෂා කරන බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img