spot_img
spot_imgspot_img

විහිළුකරුවන් බවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම, ඉක්මට ගෙදර එයි ?

පුවත්

විදෙස්

ඉතාමත් දුර්වල පිතිහරඹය, දියාරු තරඟ රටාව සහ සැළසුම් සහගත නොවීම යන හේතූන් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර විස්සයි 20 ලෝක කුසලානයේ පළමු වටයෙන් ම ඉවතට විසිවීමේ අවදානමකට මුහුණ දී සිටියි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරඝයෙන් බංග්ලාදේශය හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියක දී බංග්ලාදේශයට පරාජය වූ පළමු අවස්ථාව ලෙස ද වාර්තා විය.

ඇමෙරිකාවේ ඩලස් හි ග්‍රෑන්ඩ් ප්‍රේරි ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරඟයේ දී කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ නායකයා පන්දු යැවීම තෝරාගත්තේය. ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලබාගත් ලකුණු 47න් සවිමත් වූ ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්ත ද සෙසු පිතිකරුවන්ගේ දුර්වලතාව හේතුවෙන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 09ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 124ක් පමණි.

බංග්ලාදේශ කණ්ඩායමට ද දැඩි පීඩනයක් එල්ල කළ ශ්‍රී ලංකා පන්දුයවන්නේ පළමු කඩුලු 03 ලකුණු 28ක් තුළ දවාගත්තේ ජයග්‍රහණයේ බලාපොරොත්තු ඇති කරමිනි. නමුත් නායක වනිඳු හසරංග යැවූ 12 වැනි පන්දුවාරයේ දී තව්හිද් හ්‍රිදෝයි පිට පිට පන්දු 03ක දී එල්ල කළ හයේ පහර 03 හේතුවෙන් යළි බංග්ලාදේශය තරඟයට අවතීර්ණ විය. එතැන් සිට පිටුපස නොබැලූ බංග්ලාදේශ ක්‍රීඩකයන්ට අවසන් පන්දුවාර 02 දී ලබාගැනීමට තිබුණේ ලකුණු 11ක් පමණි. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය පන්දු යවන්නන්ගේ සියලුම පන්දුවාර යවා අවසන්ව තිබූ බැවින් ඉතිරිව සිටියේ දසුන් ශානක සහ ඇන්ජලෝ මැතිව්ස් පමණනි. ඒ වනවිට තරඟයේ දී එකම පන්දුවක් හෝ යවා නොසිටි දසුන්ට වනිඳු පන්දුව බාර කළේය. දසුන්ගේ පන්දුවාරයේ දී ලකුණු 11ම ලබාගත් බංග්ලාදේශ පිතිකරුවෝ විස්සයි 20 ලෝක කුසලාන තරඟවාලියක දී ශ්‍රී ලංකාවට එරෙහිව පළමු ජයග්‍රහණය වාර්තා කළේ ශ්‍රී ලංකාවට සුපිරි 08 දෙනාගේ වටයට පිවිසී‍ේම අවස්ථාව අවම තත්වයකට පත්කරමිනි.

ශ්‍රී ලංකාවට සුපිරි 8 දෙනාගේ වටයට පිවිසීමට නම් ඉතිරි තරග දෙකම වැඩි දළ ලකුණු වේගයක් සහිතව ජයගෙන දකුණු අප්‍රිකාව හෝ බංග්ලාදේශය ඔවුන් සහභාගී වන ඉතිරි තරගවලින් දෙකක් පරාජයට පත්විය යුතුය.

ජාත්‍යන්තර විචාරකයන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දියාරු තරඟ රටාව විවේචනය කරමින් කියා සිටියේ ඔවුන් කුඩා කාලයේ ලෝකයේ සියලු කණ්ඩායම් භීතියට පත්කළ සනත් ජයසූරිය සිටි ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් දැන් විහිළුකාරයන් බවට පත්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!