6.8 C
New York

ඉරාන තරුණියකට අතවර කළැයි, සම්බාහන සේවකයා අත්අඩංගුවට

Published:

ආයුර්වේද සම්බාහන ආයතනයකට පැමිණි ඉරාන ජාතික තරුණියකට අතවර කළ බවැට ලැබුණු පැමිණිල්ලක් අනුව එම සම්බාහන ආයතනයේ සේවකයකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කෑගල්ල රඹුක්කන පාරේ ආයුරවේද සම්බාහන ආයතනයක සේවය කළ 41 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු රන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පොලිසිය පවසන්නේ අතවරයට ලක්වූ බව කියන 24 හැවිරිදි ඉරාන ජාතික තරුණිය තවත් ඉරාන ජාතිකයන් පිරිසක් සමඟ සම්බාහන මධ්‍යස්ථානයට පැමිණ ඇති අතර එහි දී ඇය සම්බාහනය සඳහා පැමිණි සැකකරු ඇය සම්බාහන කුටියට කැඳවා එම තරුණියට ලිංගික අතවර කර ඇති බවයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related articles

Recent articles

spot_img