1.3 C
New York

පාසල් දරුවන්ට සහ දෙමාපියන්ට විශේෂ නිවේදනයක්

Published:

බ්‍රහස්පතින්දා (හෙට 30) සහ සිකුරාදා (අනිද්දා 31) දෙදින සාමාන්‍ය පරිදි පාසල් පැවැත‍්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

ගුරුවරුන්ගේ එක්තරා වෘත්තීය සමිතියක් හෙට සහ අනිද්දා වැඩි වැටුප් ඉල්ලා වර්ජනය කරන බව පවසමින් පාසල් සිසු සිසුවියන් සිටින වට්ස්ඇප් සමූහ වෙත පාසල් නොපැමිණෙන්න යැයි පණිවිඩ ලබාදීමෙන් පාසල් දරුවන්ට නොමග යවා ඇති බව ද අමාත්‍යාංශය පවසයි.

එම ව්‍යාජ දැනුම්දීම්වලට නොරැවටී සාමාන්‍ය පරිදි පාසල් වෙත පැමිණෙන්න යැයි දරුවන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

Related articles

Recent articles

spot_img