spot_img

මෛත්‍රීට නොතීසි, අධිකරණයට අපහාස කළැයි චෝදනා

පුවත්

විදෙස්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් ඔහුට එරහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයකු වන මොන්ටේගු සරත්චනද්‍ර විසිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වමින් කොළඹ දිසා අධිකරණනය විසින් අතුරු තහනම් නියෝගයක් දී තිබිය දී එය නොතකා කටයුතු කිරීමෙන් අධිකරණයට අපහා කර ඇතැයි එම චෝදනාවේ දැක්වේ.

මෙම පෙත්සම අද (30) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ෂශී මහේන්ද්‍රන් ඉදිරියේ කැඳවනු ලැබීය.

එහි දී ඔවුන් නියෝග කර සිටියේ මෙම පෙත්සමට අදාළව කරුණු දැක්වීම සඳහා වගඋත්තරකාර මෛත්‍රීපාල සිරිසේනට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles