spot_img
spot_imgspot_img

ඇමති චාමර සම්පත් ගිය රථය ගිනි ගනී

පුවත්

විදෙස්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්කරමින් සිටි රථය හදිසියේ ම ගිනිගෙන ඇතැයි පොලිසිය පවසයි.

අද (16) අලුයම 12.45ට පමණ මෙම ගිනිගැනීම සිදුව ඇත්තේ බණ්ඩාරවෙල, හල්පේ ප්‍රදේශයේ දී ය. අමාත්‍යවරයා මහියංගණයේ සිට ඇල්ල ප්‍රදේශයට පැමිණෙමින් සිටියය දී මෙ‍ම අනතුර සිදුව ඇත.

පොලිසිය පවසන්නේ මෙම ගිනිගැනීම හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට කිසිදු හානියක් සිදුව නැති බවයි.

බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!