spot_img
spot_imgspot_img

ගේ කුරුල්ලාගේ ඛේදවාචකය

පුවත්

විදෙස්

මෙරට බහුලව දක්නට ලැබුණු කුරුළු විශේෂයක් වූ ගේ කුරුල්ලා, පසුගිය වසර 40ක කාලයේ දී දිස්ත්‍රික්ක 18කින් වඳ වී ගොස් ඇතැයි පාරිසරික නීතිඥ ආචාර්ය ජගත් ගුණවර්ධන පවසයි.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ විශ්ව විද්‍යාලීය විද්‍යා පීඨයේ පැවැති ලෝක චටක දිනය (ගේ කුරුල්ලා සැමරීමේ දිනය) වෙනුවෙන් පැවති වැඩසටහනකදී ය.

ශ්‍රී ලංකා පක්ෂි විද්‍යා සංගමය විසින් සංවිධානය කර තිබිණි. සෑම වර්ෂයක ම මාර්තු මස 20 වැනි දින ලෝක චටක දිනය සමරයි.

ගේ කුරුල්ලන් වේගයෙන් වඳ වී යන බැවින් එම පක්ෂියා ආරක්ෂිත සත්වයකු ලෙස නම් කරන ලෙස 2007 වර්ෂයේ දී පරිසර අමාත්‍යාංශයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ වනවිට ගේ කුරුල්ලා ආරක්ෂිත පක්ෂියකු ලෙස නම් කර තිබේ.

මෙම කුරුල්ලා වඳවී යාමට මැලේරියා මර්ධනයට යොදාගත් මැලතියන් ඇතුළු රසායනික ද්‍රව්‍ය ඉසීම හේතුවක් වන බව ද නීතිඥ ජගත් ගුණවර්ධන සඳහන් කරයි. එමෙන් ම මඳුරු දඟර භාවිතා කිරීම 1990 දශකයේ සිට වර්ධනය වීමත් සමඟ දකුණ, මධ්‍යම සහ ඌව පළාත්වලින් ගේ කුරුල්ලා වඳවී ගොස් ඇතැයි යන්න ආචාර්ය ජගත් ගුණවර්ධනගේ අදහසයි. මෙම කුරුල්ලාගේ බිත්තර දැමීමට මදුරු දඟරවල ඇති රසායනික දැඩි බලපෑමක් එල්ලකරන බව ඔහු කීවේය.

ගේ කුරුල්ලා වඳවී යාමේ ප්‍රවණතාව මුලින්ම දක්නට ලැබුණේ ශ්‍රී ලංකාවෙන් බවත් එලෙස ඉන්දියාවේ ද එම පක්ෂියා වඳවී යාම වාර්තාවන බවත් එම පක්ෂියා පිළිබඳ පරීක්ෂණයක නිරත වූ ශ්‍රී ලංකා තරුණ සත්වවේදීන්ගේ සංගමයේ නිසලි දයානන්ද පෙන්වාදුන්නාය.

අලුතින් ඉදිකරන ලද ගොඩනැගිලිවල ගේ කුරුල්ලන්ට ජීවත්වීමට සුදුසු පරිසර තත්වයක් නොමැතිවීම ද ගේ කුරුලු ගහණය අඩුවීමට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන බවත්, රසායනික පොහොර, පළිබෝධ නාශක ආදියද ගේ කුරුල්ලන් වඳවී යාමට බලපා ඇතැයිද ඇය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!