spot_img
spot_imgspot_img

දරුවන් බිලිදෙන රජයේ ‌උත්සාහයට, වෛද්‍යවරු එරෙහි වෙති

පුවත්

විදෙස්

සිය කැමැත්තෙන් ලිංගිකව එකතු වීමේ වයස අවුරුදු 16 සිට 14 දක්වා අඩු කරමින් දණ්ඩ නීති සංග්‍රහයේ 19 වන පරිච්ඡේදයේ 363 සහ 364 යන වගන්ති සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විරෝධය ප්‍රකාශ කර තිබේ.

එම සංශෝධනය සිදුවුවහොත් ලිංගික එක්වීමක්  සඳහා කැමැත්ත පළකිරීමේ වයස අවුරුදු 14ක් වෙයි.

වෛද්‍ය සභාව පවසන්නේ විද්‍යාත්මක පර්යේෂණ අනුව වයස අවුරුදු 14 දී දරුවකුට ලිංගිකත්වය පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක් නොමැති බවයි. එම වයසේ දරුවකු ලිංගිකත්වය සම්බන්ධ කැමැත්ත ලබාදීමට සංජානීය වශයෙන් පරිනත නොවන බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

එමෙන් ම ලිංගික ක්‍රියාවකින් පසු බිහිවන දරුවකුට මවක් වීමට වයස අවුරුදු 1ක දරුවකු කායිකව සහ මානසිකව පරිනත නැති බව ද ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

එවැනි වයසක සිටිය දී දරුවකු බිහි වුවහොත් එම මව මෙන් ම දරුවා ද ශාරීරිකව සහ චිත්තවේගී වශයෙන් ඉහළඅවදානම් තත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව ද එම සංගමය නිකුත් කළ නීවේදනයේ දක්වා ඇත. මාතෘ ආබාධ, අඩු වර්ධනයක් සහිත දරුවන්, ගැබ් සංකූලතා, ළදරු මරණ, මාතෘ මරණ වැනි කරුණුවලට තුඩුදෙන සංකූලතා සහිත ගැබ් ගැනීම්, මානසික අවපීඩනය වැනි ගැටලු මේ හේතුවෙන් ඇති වන බව ද පෙන්වා දී ඇත.

දරුවකු අධ්‍යාපනය ලැබිය යුතු අනිවාර්ය වයස 2016 වර්ෂයේ දී වයස අවුරුදු 16 දක්වා දීර්ඝ කිරීම ඉතාමත් සාධනීය කරුණක් වුව ද ගෙනඒමට යෝජිත නව සංශෝධනය අනුව වයස අවුරුදු 14 දී ගැබ් ගත් දරුවන් අනිවාර්ය අධ්‍යාපන ලබන්නේ කෙසේ ද යන්න පවා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රශ්න කරයි.

ශ්‍රී ලංකාවේ සමාජ සංස්කෘතිය තුළ සහ පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වයස අවුරුදු 14ක දරුවකු ගැබිනියක වුවහොත් ඇයට නිසි අධ්‍යාපනයක් ලැබීමට සහ සාමාන්‍ය ජීවිතයක් ගත කළ හැකි දැයි යන්න වෛද්‍ය සංගමය රජයෙන් ප්‍රශ්න කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!