spot_img
spot_imgspot_img

ගවයන් සමඟ වැළලූ මිනිසුන් හමුවෙයි

පුවත්

විදෙස්

අති නවීන අර්ධ සන්නායක කර්මාන්තශාලා දෙකක් ඉදිකිරීමට සැළසුම් කර ඇති භූමියක ප්‍රාග් ඓතිහාසික සුසාන කිහිපයක් හමු වී තිබේ.

ජර්මනියේ මැග්ඩෙබර්ග් අසල ඉයුලන්බර්ග් කාර්මික ප්‍රදේශයේ පිහිටා ඇති මෙම ස්ථානය, නව ශිලා යුගයේ හෝ නව ගල් යුගයේ “සංකීර්ණ” සුසාන පිහිටි ස්ථානයක් බව උරුම කළමනාකරණය සහ පුරාවිද්‍යාව පිළිබඳ ආයතනය නිවේදනයක් නිකුත් කරමින් අනාවරණය කරයි.

මෙම සුසාන ඇති ස්ථානයෙන් දැවයෙන් කරන ලද මෘත ශරීරාගාරවල නෂ්ඨාවශේෂ හමු වූ බවයි.

ඈතට කුඩා කඳු මෙන් දිස්වන පස් ගොඩැලි කැණීම් කළ විට මෙම සුසාන හමු වී තිබේ.

මෙම පැරණි සුසාන භූමියේ තිබී සොයාගන්නා ලද වැදගත්ම කරුණක් වන්නේ එකිනෙකා සමඟ වළලනු ලැබූ වයස අවුරුදු 2-3ත් පමණ වූ ගවයන් දෙදෙනකුගේ අස්ථි හමුවීමයි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙව වයස අවුරුදු 35-40ත් අතර වූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුර තැන්පත් කර තිබූ සොහොන අසළින් හමු වූ බවයි.  

පර්යේෂකයන්ගේ මතය වන්න් මිනිසාගේ සහ සතුන්ගේ සිරුරු සකස් කර තිබූ ආකාරය අනුව කරත්තයක හෝ නගුලක් සහිත අයකුගේ රූපයක් ඒ තුළින් නිර්මාණය වන බවයි.

“අපේ මුතුන් මිත්තන් ඔවුන්ගේ ජීවිතයේ දර්ශනයක් මෙහි ප්‍රතිනිර්මාණය කර තිබෙනවා. ඔවුන් දෙවියන්ට වටිනම දේ දුන්නා. ගවයන් ජීවිතයේ ඇපකරුයි.” යැයි පුරාවිද්‍යාඥ සුසාන් ෆ්‍රෙඩ්රිච් පවසයි. මෙම සිරුරු භූමදානය Globular Amphora සංස්කෘතිය (ක්‍රි.පූ. 3300-2800 පමණ) හා සම්බන්ධ බව පුරාවිද්‍යාඥයෝ පවසති. ප්‍රාග් ඓතිහාසික යුරෝපයේ වෙනත් ස්ථානවලින් මෙවැනි සුසාන මීට ඉහත දී ද හමු වී ඇත.

පුරාවිද්‍යාඥයින් පවසන පරිදි නව ශිලා යුගයේ විවිධ කාල වකවානු වල සොයාගැනීම් මගින් එම ස්ථානයේ චාරිත්‍රානුකූල භාවිතයේ “විස්මිත” අනුකූලතාවයක් හඳුනාගෙන ඇත. මෙම ප්‍රදේශය දීර්ඝ කාලයක් පුරා ප්‍රාග් ඓතිහාසික මිනිසුන්ට වැදගත් වූ බවට සාක්ෂිවලින් පෙනී යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!