spot_img
spot_imgspot_img

බදුල්ලෙන් එන කෝච්චියේ ගින්නක්, බදුලු යන කෝච්චිය පීලි පනී

පුවත්

විදෙස්

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 පොඩි මැණිකේ දුම්රියේ එන්ජිම අද (03) හපුතලේ දුම්රිය ස්ථානය අසළ දී ගිනි ගෙන ඇති අතර, කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරණ දුම්රිය අද (03) කොටගල සහ හැටන් දුම්රිය අතර දී පීලි පැනීමකට ලක්ව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1006 දරන පොඩිමැනිකේ දුම්රියේ එන්ජිම හපුතලේ දුම්රිය ස්ථානය අසලදී අද (3) හදිසියේ ගිනිගැනීමකට ලක් වූ බව පොලීසිය පැවසීය.

හපුතලේ  දුම්රිය ස්ථානයේ කාර්ය මණ්ඩලය සහ ලංකා ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ ගිනිනිවිම් ඒකකයේ නිලධාරීන් පැමිණ, පොලීසිය ප්‍රදේශවාසීන් සමඟ එක්ව පොඩි මැණිකේ එන්ජිමේ ඇති වූ  ගින්න නිවා දැමීමට සමත්ව තිබිබණි.

බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 8.50 ට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කළ පොඩිමැණිකේ දුම්රියේ  මගීන් විශාල පිරිසක් සිටිය ද ගින්නෙන් කිසිවෙකුට හෝ අනතුරක් සිදු සිදුව නැත.

පොඩිමැනිකේ දුම්රිය එන්ජින් දෙකකින් සමන් විත නව දුම්රිය කට්ටලයක් වන අතර දුම්රිය දියතලාව දුම්රිය ස්ථානය පසුකර හපුතලේ දුම්රිය ස්ථානයට ලගා වෙමින් තිබිය දී එක්වරම  එහි පසුපස එන්ජිමේ ගින්න හටගෙන තිබූ බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

දුම්රිය එන්ජිම පිළිසකර කිරිමෙන් අනතුරුව පැය කීපයක් ප්‍රමාද වී යලි පොඩිමැණිකේ දුම්රිය හපුතලේ සිට කොළඹ කොටුව බලා ගමන් ආරම්භ කල බවත් දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි 

කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1007 දරන සීග්‍රගාමි දුම්රියේ නැරඹුම් මැදිරිය මෙසේ පිළීපැනිමට ලක් වී ඇති අතර, මින් දුම්රිය මාර්ගයට ද අලාභහානි වී ඇති බවත් දුම්රිය  දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකු කීය.

මේ නිසාවෙන් උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල  කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇති අතර ,එම මාර්ගයේ දුම්රිය ප්‍රමාද වන බවද දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!