spot_img
spot_imgspot_img

ගිං ගඟ පිටාර ගලයි. ගංවතුර අවදානම ඉහළට

පුවත්

විදෙස්

මාපලගම නගරය ආසන්නයෙන් මේ වනවිට ගිං ගඟ පිටාරගලමින් පවතින බව එහි ‍ගොස් සිටින මාධ්‍යවේදී උපුල් මහේෂ් පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බද්දේගම අගලිය මාර්ගය ඉනිමංකඩ ප්‍රදේශයේ දී ජලයෙන් යට වී ඇති අතර නෙළුව නගරයේ පිහිටි සතිපො‍ළ භූමිය ද මේ වනවිට ජලයෙන් යට වී තිබේ.

ගිං ගඟ ඉහළ ජලධාරා ප්‍රදේශවලට ඊයේ (01) සවස සිට ඇද හැලෙන මහ වැස්සත් ගිං ගඟ නිම්නයේ සියලු ප්‍රදේශවලට ඇදහැලෙන දැඩි වාර්ෂාවත් නොකඩවා පැවැතීම හේතුවෙන් මේ වනවිට ගිං ගඟ ප්‍රදේශ කිහිපයකින් ම පිටාර මට්ටමට ළඟා වී තිබේ.

එමෙන්ම කුඹුරු ඇතුළු පහත් බිම් සියල්ල ජලයෙන් යට වී ඇති බැවින් වැසි ජලය ගලා ගංවතුර නොවුනත් පහත් බිම් ප්‍රදේශවල පිහිටි නිවාස රැසක් ජලයෙන් යට වී ඇති අතර නිල්වලා නිම්නය අවට මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට ද බලපෑම් එල්ල වී තිබේ.

නෙළුව පොළ භූමිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!