spot_img
spot_imgspot_img

බස් රථ අනතුරකින් 21ක් මරුට

පුවත්

විදෙස්

ඇෆ්ගනිස්ථානයේ හැමන්ඩ් පළාතේ දී බස් රථයක් හා ‍ඉන්ධන බවුසරයක් එකිනෙක ගැටීමෙන් 21 දෙනකු මියගොස් 38දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.

කන්දහාර්-හැරට් අධිවේගී මාර්ගයේදී මෙම අනතුර සිදුව තිබේ. බස් රථය හැරට් සිට කාබුල් වෙත ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර බස් රථය ඉන්ධන බවුසරයේ වැදී යතුරු පැදියක ද ගැටී ඇතැයි පොලිසිය පවසයි.

ඇෆ්ගනිස්ථානයේ රථවාහන අනතුරු බහුලව දක්නට ලැබෙන අතර, ප්‍රධාන වශයෙන් දුර්වල මාර්ග තත්ත්වයන් සහ රියදුරන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් මේවා සිදුවන බව සඳහන් වේ..

මාර්ග සංඥා නොමැති වීම ද මාර්ග අනතුරු සඳහා බෙහෙවින් බලපාන බව රියදුරෝ පවසති.

https://www.aljazeera.com/news/2024/3/17/at-least-21-dead-after-bus-collides-with-tanker-in-southern-afghanistan

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!