spot_img
spot_imgspot_img

අයිස්ලන්ත ගිනි කන්දේ තවත් පිපිරීමක්

පුවත්

විදෙස්

අයිස්ලන්තයේ දකුණු දිග රෙයික්ජන්ස් අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ. එය මෙතෙක් ඇතිවූ බලවත්ම විදාරනයක් ලෙස සැලකේ.

ග්‍රින්දාවික් නගරයේ වැසියන් ඉවත්කර ඇති අතර ගිනිකන්දෙන් පැතිරෙන ලාවා නගරය වටා පිහිටි නැගෙනහිර ආරක්ෂක වළල්ලට පැමිණ ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.  නගරයේ දළ වශයෙන් 4,000 පදිංචිකරුවන්ට මාසයකට පමණ පෙර ඔවුන්ගේ නිවෙස් කරා ආපසු යාමට අවසර ලැබුණේ ජනවාරි මාසයේ ඇති වූ පිපිරීමකින් මැග්මා නගරය තුළට පැතිරී නිවාස තුනක් විනාශ කිරීමෙන් පසුවය.

ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ආපසු නොපැමිණීමට තීරණය කර ඇත.

අයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන අසල පිහිටි නිල් කලපුවෙන් ද මිනිසුන් ඉවත් කර ඇත.

කෙෆ්ලාවික් ජාත්‍යන්තර ගුවන් තොටුපළට සහ අනෙකුත් ප්‍රාදේශීය ගුවන් තොටුපළවලට පිපිරීමෙන් බලපෑමක් සිදුවී නොමැත.

අයිස්ලන්තයේ සක්‍රීය ගිනිකඳු පද්ධති 33ක් ඇති අතර එය ග්‍රහලෝකයේ විශාලතම භූ තල තහඩු දෙකක් අතර මායිම වන අත්ලාන්තික් කඳුවැටියට ඉහළින් පිහිටා ඇත.

Reykjanes අර්ධද්වීපයේ අවසන් වරට ගිනිකඳු ක්රියාකාරිත්වයේ කාල පරිච්ඡේදයක් තිබුනේ මීට වසර 800 කට පෙරය. එම පිපිරීම් දශක ගනනාවක් පැවතුනි.

මෙය දැන් 2021 සිට හත්වන පිපිරුම වන අතර විද්‍යාඥයින් විශ්වාස කරන්නේ මෙම ප්‍රදේශය දශක කිහිපයක් හෝ සියවස් ගණනක් පැවතිය හැකි නව ගිනිකඳු යුගයකට අවතීර්ණ වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!