spot_img
spot_imgspot_img

ක්ෂය රෝගීන් 5,000ක් රට පුරාම. ප්‍රතිකාර නොගෙන අමාරුවේ වැටෙති ?

පුවත්

විදෙස්

සෞඛ්‍ය දත්ත විශ්ලේණවලට අනුව ශ්‍රී ලංකා ජන සමාජය තුළ මෙතෙක් හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000-5,000ත් අතර ප්‍රමාණයක් සිටින බව ජාතික ක්ෂය රෝග මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂිකා වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා පවසයි.

ඇය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුව අනුව ශ්‍රී ලංකාවේ ක්ෂය රෝගීන් 14,000ක් පමණ සිටිය යුතු බවයි. නමුත් මේ දක්වා හඳුනාගත් ක්ෂය රෝගීන් සංඛ්‍යාව 9,000ක් පමණ වෙයි.

සති දෙකකට වඩා පවතින කැස්ස, සවසට මද උණ ගතියක් තිබීම, බර අඩුවීම, කෑම අරුචිය, රාත්‍රී කාලයේ අධික ලෙස දහඩිය දැමීම, දැඩි වෙහෙස, හුස්ම ගැනීමේ අපහසුව, සෙම සමඟ රුධිරය පිටවීම වැනි රෝග ලක්ෂණ පෙනහළුගත ක්ෂය රෝගයේ ලක්ෂණ බව ද ඇය පෙන්වා දුන්නාය.

ක්ෂය රෝගය කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවන බැවින් මෙවැනි රෝග ලක්ෂණ ඇති පුද්ගලයන් වහාම රජයේ රෝහලකට ගොස් ක්ෂය රෝගය සඳහා පරීක්ෂා කරවාගෙන ප්‍රතිකාර ලබාගත යුතු බව ද වෛද්‍යවරු කියති. ප්‍රතිකාර ලබා ගැනීමෙන් ක්ෂය රෝගය සුව කළ හැකි නමුත් දිනකට ක්ෂය රෝගීන් දෙදෙනකු මරණයට පත්වන තත්වයක් ඇති බැවින් නිසි ප්‍රතිකාර ගැනීම කඩිනමින් කළ යුතු බව ද ඇය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!