6.8 C
New York

පාර්ලිමේන්තුවේ පිල් මාරුවක් ?

Published:

කතානායක මහින්ද යාපා අබේවර්ධනට එරෙහිව විශ්වාසභංග යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමේ දි මන්ත්‍රීවරුන්ගේ සහය දිනාගැනීම සඳහා විපක්ෂයත් ආණ්ඩුපක්ෂයත් දැඩි තරඟයක යෙදී සිටී.

ආණ්ඩුවේත්, විපක්ෂයේත් ප්‍රමුඛ පෙළේ නායකයන් සිව් දෙනකුගේ නිවෙස්වල එම සාකච්ඡා පැවැත්වෙයි.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම පැවැත්වෙන අවස්ථාවේ දී අනෙක් පාර්ශවයේ මන්ත්‍රීවරු තම පාර්ශවයට ගෙන්වාගැනීමට සහ අවම වශයෙන් ඡන්දය දීමෙන් වැළකී සිටින තැනට පත් කිරීමට මෙම මෙහෙයුම ආරම්භ කර ඇත.


මේ අතර මේ පිළිබඳ ඡන්ද විමසීමේදී මන්ත්‍රීවරුන් ගණනාවක් ඡන්දය දීමෙන් වැලකී සිටීමට තීරණය කර ඇතැයිද  එම ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්වාසභංග යෝජනාව සම්බන්ධ ප්‍රතිඵලය  තමන්ට වාසිදායක ආකාරයට ලබාගතහොත්  ඉදිරි ඡන්දවලදී එය ප්‍රචාරක මෙවලමක් ලෙසද පාවිච්චි කළ හැකි බව ආණ්ඩුවේ සහ විපක්ෂයේ නායකයන් කිහිප දෙනකු සිය මන්ත්‍රීවරුන්ට පෙන්වා දී ඔවුන් දිරිමත් කර ඇතැයි  දැනගන්නට ඇත.

කතානායකවරයාට එරෙහි  විශ්වාසභංග යෝජනාව  ලබන 19 සහ 20 දිනවල විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත. යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම 20 වැනිදා පස්වරු 4.30ට පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img