spot_img
spot_imgspot_img

නිරූපනයට අවස්ථාව දෙන බව කියා තරුණියන්ට අතවර කළ සූපවේදියා අත්අඩංගුවට

පුවත්

විදෙස්

නිරූපනයට අවස්ථාව ලබාදෙන බව කියමින් කාන්තාවන් ගෙන්වාගෙන ඔවුන්ට ලිංගික අතවර කළ බවට සැකපිට සීගිරිය ප්‍රදේශයේ සූපවේදියකු ඔහු සේවය කරන හෝටලය තුළ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික විමර්ශනය සිදුකළ නිලධාරීන් පවසන්නේ සැකකරු විසින් වයස අවුරුදු 20-25ත් අතර තරුණියන් 330 දෙනකුට පමණ අතවර කර ඇති බවට සැකකරන බවයි.

චීනයේ මෝස්තර නිරූපණය හදාරන ලාංකික තරුණියක් පසුගිය දෙසැම්බර් මාසයේදී කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණ තිබුණි. එහිදී ඇය සිය මවට පවසා ඇත්තේ, තමන් හදාරන පාඨමාලාවෙන් ඉහළට යෑම සඳහා මෙරටදී නිරූපණ ක්ෂේත්‍රයේ නිරතවිය යුතු බවයි. අනතුරුව ඇයගේ මව විසින් ෆේස්බුක් හරහා සිදුකළ සොයාබැලීමේදී නදීෂා බණ්ඩාර නම් ගිණුමක් මගින් නිරූපන ක්ෂේත්‍රයේ අවස්ථා ඇති බවට දැන්වීම් පළ කර ඇති අයුරු දැක තිබුණි. පසුව එම ගිණුම සම්බන්ධ කරගෙන ඇති අතර එහිදී නදීෂා බණ්ඩාර නමින් පෙනී සිටි අය පවසා ඇත්තේ, අදාළ තරුණියගේ හැඳුනුම්පතෙහි ඡායා පිටපත් හා පිංතූර කිහිපයක් එවන ලෙසය. ඒ අතරතුර එම තරුණියගේ නිරුවත් ඡායාරූප විවිධ ඉරියව්වලින් සිට එවන ලෙස අදාළ ගිණුම හිමි පුද්ගලයා විසින් පණිවිඩයක් මගින් පවසා ඇත. ඡායාරූප යවා ඇති අදාළ තරුණියට පසුව දැනුම්දී ඇත්තේ, ඇයගේ සංවේදීත්වය පරීක්ෂා කිරීම සඳහා වෛද්‍යවරයෙකු වෙත යොමුකළ යුතු බවය. වෛද්‍යවරයා සමග ලිංගික ක්‍රියාකාරකම් සිදුකළ යුතු බවත් දැනුම්දී තිබේ.

පසුව තරුණියක් ලෙස පෙනී සිටි අයෙක් ඇයට පවසා ඇත්තේ කිසිඳු බියක් ඇති කරනොගෙන වෛද්‍යවරයා හමුවන ලෙසය. ඒ අනුව පළමුව මහලු වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටි අයෙක් ඇය සමග පණිවුඩ හුමවාරු කරගෙන අනතුරුව ඔහු විසින් තිස් හැවිරිදි තරුණ වෛද්‍යවරයෙක් වෙත තරුණිය යොමුවිය යුතු බව පවසා තිබේ. අනතුරුව අදාළ තරුණියට, කඩවත ප්‍රදේශයේ හෝටලයකට පැමිණෙන ලෙස දැනුම්දී තිබේ. එම දැනුම්දීමට අනුව ඇය සිය මව සමග කඩවත ප්‍රදේශයට ගොස් ඇති අතර එහිදී සැක සිතු මව දියණිය ඉන් පිටත තබා අදාළ හෝටලය තුළට ගොස් තිබේ.

එහිදී වෛද්‍යරයා ලෙස පෙනී සිටි පුද්ගලයා බියවී මවට තර්ජනය කර ඇත්තේ, මේ සම්බන්ධයෙන් පොලීසිය දැනුම්වත් කළහොත් දියණියගේ නිරුවත් ඡායාරූප ප්‍රසිද්ධියට පත්කරන බව ද පවසා ඇත. අනතුරුව ඔහු එම හෝටලයෙන් පළාගොස් තිබේ.

ඒ අනුව අදාළ මව සිය දියණිය සමග පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ. පසුව සිදුකළ සොයාබැලීමේදී අනාවරණය වී ඇත්තේ, සැකකරු සීගිරිය ප්‍රදේශයේ හෝටලයක සූපවේදියෙකු බවය.

මේ අනුව විමර්ශන නිලධාරීන් සැකකරුව එහිදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මහනුවර, රජමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ, තමන් වෛද්‍යවරයෙකු ලෙස සහ තරුණියන් ලෙස පෙනී සිටිමින් තරුණියන්ට නිරූපණ ක්ෂේත්‍රයේ අවස්ථා ලබාදෙන බව පවසා රවටමින් ලිංගික අතවර කරන බවය.

සැකකරුගේ ජංගම දුරකථන දෙකක්ද විමර්ශන නිලධාරීන් සිය භාරයට ගෙන පරික්ෂා කිරීමේදී වයස අවුරුදු 20ත් 25ත් අතර තරුණියන් තිස් දෙනෙකුගේ පමණ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන හමුවූ බව විමර්ශන නිලධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!