spot_img
spot_imgspot_img

ලොව විශාලම මැතිවරණයට දින නියම වෙයි

පුවත්

විදෙස්

ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දියාවේ මැතිවරණය අප්‍රේල් 19 වනදා සිට ජුනි මස පළමු වනදා දක්වා අදියර හතරකින් පැවැත්වීමට තීරණය කර ඇති බව එරට ‍මාධ්‍ය වාර්තා කර තිබේ.

බිලියනයකට ආසන්න පිරිසක් ජන්දය දීමට සුදුසුකම් ලබා සිටින හෙයින් මෙය ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකේ.

අගමැති නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය සහ විරුද්ධ පක්ෂ දුසිම් දෙකක් පමණ මැතිවරණයට නාම යෝජනා බාරදී තිබේ. බොමෝ විචාරකයින් මත පලකර ඇත්තේ 73 හැවිරිදි මෝදි පහසු ජයක් ලබනු ඇති බවයි.

එසේවුවහොත් ඉන්දියාවේ නිදහසේ වීරයා ලෙස හැඳින්වෙන් පළමු අගමැති ජවහල්ලාල් නේරුට පසු තුන්වන වරටත් අඛණ්ඩව ජයග්‍රහණය කළ අගමැති බවට පත්වනු ඇත. මෝදිට අභියෝග කරනු ඇත්තේ, ප්‍රධාන විපක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය විසින් නායකත්වය දෙන විරුද්ධ පක්ෂ කිහිපයක සන්ධානයක් වන INDIA හෙවත් ඉන්දීය ජාතික සංවර්ධන සන්ධානය (National Developmental Inclusive Alliance) විසිනි.

කෙසේ වෙතත්, පසුගිය වසරේ පිහිටුවා ගත් එම සන්ධානය එක්සත්ව සිටීමට සහ සුහදව ආසන බෙදා ගැනීමට අරගල කරමින් සිටී. බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා වසර 76න් 54ක් ඉන්දියාව පාලනය කර ඇති කොංග්‍රසය, මෝදි බලයට පත්වීමෙන් පසු වාර්තාගත පහත් මට්ටමට ඇද වැටී ඇති අතර පක්ෂය තුළ සහයෝගය නැවත ඇති කිරීමට අරගල කරමින් සිටී.

ඉන්දියාවේ ස්වාධීන මැතිවරණ කොමිසමේ ප්‍රධානී රජිව් කුමාර් වාර්තාකරුවන්ට පැවසුවේ, ජූනි 1 වැනිදා ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු ජූනි 4 වැනිදා ඡන්ද ගණන් කිරීමට නියමිත බවයි. 

https://www.reuters.com/world/india/india-begin-voting-april-19-worlds-largest-election-2024-03-16/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!