spot_img

එක්ස්ප්‍රස් පර්ල් විනාශය ගැන විශේෂ වාර්තාවක් අධිකරණයට

පුවත්

විදෙස්

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලය විසින් සැකසූ විශ්ලේෂණ වාර්තාවක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද (14) ඉදිරිපත් කළේය.

නැවේ කපිතාන්වරයා විසින් නැව් සේවා සපයන දේශීය නියෝජිත ආයතනයකට යොමු කළ බව කියන විද්‍යුත් තැපැල් පණිවිඩ අනුසාරයෙන්  එම විශ්ලේෂණ වාර්තාව සකසා තිබිණි.

නෞකාවේ කපිතාන්වරයාට හා දේශීය නියෝජිත ආයතනය වන සී. කොන්සන්ස් සමාගමේ සැකකාර නියෝජිතයින් හත් දෙනෙකුට එරෙහිව රහස් පොලිසිය ගොනු කළ පැමිණිල්ල අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී අදාළ වාර්තාව විශ්ව විද්‍යාලයේ නියෝජිත වරයකු අධිකරණයට භාර දුන්නේය.

වාර්තාව සැකසීමට කොළඹ විශ්ව විද්‍යාලයට වැය වූ රුපියල් ලක්ෂ 22ක් මුදල් රජය මඟින් විශ්ව විද්‍යාලයට ගෙවා ඇත්දැයි මහේස්ත්‍රාත්වරයා මෙහිදී විමසීය.

ගෙවීම් කර නොමැති බව කොළඹ විශ්ව විද්‍යාලයේ පරිගණක අංශ විශේෂඥවරයා කරුණු ඉදිරිපත් කළේය.

අදාළ මුදල් කඩිනමින් ගෙවීමට කටයුතු සම්පාදනය කරන බව රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ ජේෂ්ඨ නීතිඥ මලික් අසීස් එහිදී ප්‍රකාශ කළේය.

නැවේ කපිතාන් වරයා විසින් පොලිසියට ලබා දී ඇති ප්‍රකාශ සහ නැව සම්බන්ධයෙන් දේශීය නියෝජිත ආයතනයට යොමු කර ඇති ඊමේල් පණිවිඩ අතර පැහැදිලි සැකයක් ඉස්මතුව ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පස්ලී රාසික් දැනුම් දුන්නේය.

2021 මැයි මස 19 වැනි දින මෙරට මුහුදේ දී ගිනි ගැනීමට ලක් වූ නෞකාව  සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශන ප්‍රගතිය ඇතුළත් පිටු තුනකින් යුත් වාර්තාවක් ඊයේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.

නෞකාවේ ශ්‍රී ලංකාවේ නියෝජිත ආයතනය වෙනුවෙන්  ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ අනුර මැද්දගොඩ ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වරාය අපරාධ විමර්ශන ඒකකය අධිකරණයේ පෙනී සිටියේය.
විත්තිකාර කපිතාන් රුසියන් ජාතික විර්ටලී වෙනුවෙන් නීතිඥ නිපුණ විමලසේකර පෙනී සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles