spot_img
spot_imgspot_img

කෙහෙළිය නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්

පුවත්

විදෙස්

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 07 දෙනකු නඩුව අවසන්වනතුරු රිමාන්ඩ් කිරීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම අද (14) නියෝග කළාය.

ඇය මෙම නියෝගය කළේ එම සැකකරුවන්ගේ ඇප අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප කරමිනි.

සැකකරුවන්ට ඇප නියම කරනු ලැබුවහොත් මහජන කැළඹීමක් ඇතිවීමට හැකියාවක් ඇතැයි ඇය අවධාරණය කළාය. එමෙන් ම සැකකරුවන්ට එරෙහිව එල්ලවී ඇති චෝදනා ලිඛිත සහ වාචික සාක්ෂි හෙළි වී ඇති බව සැකකරුවන්ට ඇප ප්‍රතික්ෂේප කරමින් නිකුත් කළ නියෝගයේ සඳහන් වේ. 

අධිකරණය මඟහැර සිටින සැකකරු සහ ඇප නියම කළ සැකකරු හැර නඩුවේ සැකකරුවන් 09 දෙනා ලබන 28 වැනි දා දක්වා තවදුරටත් රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට ද නියම කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!