spot_img

ශ්‍රීපාද රක්ෂිතයේ ගින්න හතරවන දිනටත් ඇවිලේ

පුවත්

විදෙස්

ශ්‍රීපාද රක්ෂිතයට අයත් මරේ තේ වතුයායේ, තේ කර්මාන්ත ශාලාවට ඉහළින් පිහිටි  ටර්පන්ටයින් වගා කර ඇති කොටසේ හටගෙන ඇති ගින්න මැඩ පවත්වීමට අපහසු වී ඇතැයි නල්ලතන්නිය පොලිසිය පවසයි. දින 04 ක පමණ කාලයක් තිස්සේ පවතින ගින්න අද (10) දින වන විටත් තවදුරටත් පැතිරෙමින් පවති.

ටර්පන්ටයින් වගාවේ අක්කර ගණනක් ගින්න හේතුවෙන් මේ වනවිට විනාශයට පත්ව තිබේ. ප්‍රදේශයට පවතින දැඩි වියළි කාළගුණය හා  සුළං තත්වය නිසා ගින්න වේගයෙන්න්න පැතිරෙන බවත් ගින්න පවතින ස්ථානයට ළඟා වීමට නොහැකි වීම හේතුවෙන් මැඩපැවැත්වීම අපහසු වී ඇති බවත් පොලීසිය පවසයි.

ප්‍රදේශයේ ඇතැම් සංවිධානාත්මක ිරිස් හා පුද්ගලයින් විසින් වන සතුන් දඩයම් කිරීම හා විනෝදයට වියළි කාළගුණයක් පවතින කාලවල මෙම ගිනි තැබීම සිදු කරන බව ප්‍රදේශයේ ජනතාව පවසති.

මාවුස්සාකැලේ ජලාශයට ජලය සැපයෙන් ජල මූලාශ්‍ර ද කඳුකරයේ මෙම උස්භූමිවල පවතින අතර මෙවැනි ගිනිතැබීම් හේතුවෙන් ඒ්වා සීඝ්‍රයෙන් සිඳී යෑමේ තර්ජණයට ලක්ව ඇති බව පරිසරවේදීහු පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles