spot_img
spot_imgspot_img

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නවීකරණයට

පුවත්

විදෙස්

කිසිදා ඇමතුමක් ගත නොහැකි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දුරකථන පද්ධතිය ඔස්සේ සහ එහි වෙබ් අඩවිය වෙත පිවිස සිය අවශ්‍යතා සපුරාගැනීමට අද (04) සිට මහජනතාවට අවස්ථාව ලබා දී ඇතැයි වාර්තා වේ.

දිවයිනේ දිස්ත්‍රික්ක 25 තුළ පිහිටා ඇති ශාඛා කාර්යාල ආවරණය වන පරිදි මෙම මාර්ගගත වේලාවන් වෙන්කර ගැනීමේ ක්‍රියාවලිය හඳුන්වා දීමට නියමිත අතර එහිදී ස්වයංක්‍රීය දුරකථන පද්ධතිය හරහා හෝ වෙබ් අඩවිය වෙත පිවිස ඒ සඳහා කාලය වෙන් කරගැනිමේ හැකියාව ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මෙසේ කීවේය.

“සියලුම සේවාලාභීන් අනිවාර්යයෙන්ම තමන්ට අදාළ වේලාවක් අදාළ දිනය තුළ වෙන්කරගෙන කාර්ය සඳහා පැමිණීම අනිවාර්යයි. ඒ ක්‍රමය මීට පෙර කොරෝනා වසංගත කාලයේ ක්‍රියාත්මක වුණා. එහි දී හැකියාව තිබෙනවා ස්වයංක්‍රීය දුරකථන අංකයක් අපි හඳුන්වා දීලා තියෙනවා 112 117 116 කියලා. ඒක ස්වයංක්‍රීයව භාෂා තුනෙන් ම ඔබට අවශ්‍ය සේවාව ලබාදෙනවා. ඊට අමතරව අපි වෙබ් අඩවියක් හඳුන්වා දීලා තියෙනවා.  https://dmtappointments.dmt.gov.lk/  වෙබ් අඩවිය හරහා තමන්ට අවශ්‍ය සේවාව ලබාගැනීමේ පහසුකම තියෙනවා. මෙයට දැනගත යුතු ප්‍රධානම දේ වන්නේ සේවාවන් ලබාගැනීමට නියමිත වේලාවන් තුළ ඇවිත් සේවාවන් ලබාගැනීමයි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!