-0.1 C
New York

වැටුප 70%කින් ඉහළ දමාගත් මහ බැංකු ලොක්කෝ පාර්ලිමේන්තුවට කැඳවයි

Published:

තම වැටුප එකවිට 70%කින් ඉහළ දමා ගැනීම සම්බන්ධයෙන් විමසීම සඳහා මහ බැංකුවේ නිලධාරීන්න අමාත්‍ය මන්ඩලයට සහ පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීම හමුවට කැඳවීමට තීරණය කර තිබේ.

මාර්තු 04 වැනි දා උදෑසන 11.00ට  ඔවුන් මෙලෙස කැඳවීමට නියමිත අතර එම රැස්වීමට පාර්ලිමේන්තුව නියේාජනය කරන සියලුම පක්ෂවල නායකයන් සහභාගී වීමට නියමිතය.

මේ ගැන කරුණු විමසීමට පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ   විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු පිරිසක් කතානායකවරයාගෙන්  පසුගියදා  ඉල්ලීමක් කළහ. ඒ අනුව එම රැස්වීම පැවැත්වීමට කතානායකවරයාගේ අවසරය හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් කරුණු  විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීන් පාර්ලිමේන්තුවේ මුදල්  කමිටුවලට කැඳවීමටද තීරණය කර තිබේ.

Related articles

Recent articles

spot_img