spot_img

තායිලන්තයේ හිටපු අගමැති නිදහස්

පුවත්

විදෙස්

වසරක සිර දඬුවමක් විඳිමින් සිටි තායිලන්තයේ හිටපු අගමැති තක්ෂින් ෂිනවාත්‍රා නිදහස් වී තිබේ. දූෂණය සහ බලය අයුතු ලෙස භාවිතා කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ ප්‍රකෝටිපති තක්ෂීන් බන්ධනාගාර ගතවීමෙන් පසු පොලිස් රෝහලේ සිටියේය.

74 හැවිරිදි තක්ෂින් වසර 15ක් රටින් පිටව සිට පසුගිය අගෝස්තු මාසයේදී තායිලන්තයට පැමිණි විගස බන්ධනාගාරගත කරනු ලැබීය.

සෞඛ්‍ය ගැටලු ගැන පැමිණිලි කිරීමෙන් පසු ඔහු පොලිස් රෝහලට ගෙනගිය අතර එක රැයක්වත් බන්ධනාගාරයේ ගත කළේ නැත.

පිටුවහල්ව සිට නැවත පැමිණීමෙන් පසු තක්ෂින්ගේ අවුරුදු අටක සිර දඬුවම තායිලන්තයේ රජු විසින් වසරක් දක්වා අඩු කරන ලදී.

මෙම නඩුව හැසිරවීම බොහෝ තායිලන්ත ජාතිකයින්ගේ විවේචනයට තුඩු දී ඇති අතර, ඔවුන් පවසන්නේ ධනවතුන්ට සහ බලවතුන්ට බොහෝ විට වරප්‍රසාද ලබා දෙන බවයි.

“තායිලන්තයේ නීතියේ ආධිපත්‍යය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රමය සෑම කෙනෙකුටම එක හා සමානව ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් අවශ්‍ය වේ,” ඔවුහු පවසති.

පසුගිය මැතිවරණයේදී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් තායිලන්තයේ Move Forward පක්ෂයයි. නමුත් සෙනෙට් සභාව විසින් ඔවුන්ගේ පත්වීම් අවලංගු කර ඇත.

තායිලන්ත බලධාරීන් පැවසුවේ තක්ෂින්ගේ වයස සහ සෞඛ්‍ය ගැටලු හේතුවෙන් ඔහු සමාව සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

https://www.bbc.com/news/world-asia-68329953

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles