spot_img
spot_imgspot_img

ගුරුවරියකට ගුරු විද්‍යාලයේ දී අනිසි බලපෑම්. පොලිසියත් නීතිය නවයි

පුවත්

විදෙස්

සාරියකින් සැරසී නොපැමිණියේ යැයි පවසමින් ගුරුවරියකට තර්ජනය කරපන්නාදැමූ ගිරාගම ගුරු විද්‍යාලයේ නිලධාරියකුට එරෙහිව ගුරුවරියක විසින්  කඩුගන්නාව පොලිසියට පැමිණිලි කර තිබේ

මේ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් පවසයි.

ගිරාගම ගුරු මධ්‍යස්ථානයේදී ඊයේ (17) දින පැවැත්වුණු මොඩියුල පුහුණුව සඳහා ගුරුවරියක් සාරියක් නොවන ඇඳුමකින් සැරසී පැමිණ සිටියාය.

එය දුටු එම මධ්‍යස්ථානයේ සිටි මොඩියුල සම්බන්ධීකාරකවරයකු ඇයට බැන තර්ජනය කරමින් ගුරු මධ්‍යස්ථානයෙන් පලවා හැරීමට කටයුතු කර ඇත.

ඒ අනුව, අදාළ ගුරුවරිය එම මොඩියුල සම්බන්ධීකාරකවරයාට එරෙහිව පොලීසියට සිදු කළ පැමිණිල්ල අද (18) කැඳවා තිබිණි.  එම අවස්ථාවේ දී පොලිසිය පවසා ඇත්තේ මෙය දෙපාර්ශවය සාකච්ඡා කර සමථයකට පත්කළ යුතු බවයි.

කාන්තාවකට බැන තර්ජනය කිරීම, ඇයට පරීක්ෂණයකට  සහභාගී වීමට ඉඩ නොතිබීම කාන්තා හිංසනය යටතට ගැනෙන බැවින් පොලිසිය කළ යුත්තේ ඇයගේ පැමිණිල්ලට අනුව මූලික විමර්ශනයක් කර අදාළ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමයි.

සිද්ධියට මුහුණ දුන් පැමිණිලිකාර ගුරුවරිය විසින් පොලීසිය කරන අනීතික යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති අතර තන් එම ක්‍රියාවට එරෙහිව නඩු මඟට පිවිසෙන බව ද පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!