spot_img
spot_imgspot_img

දකුණු අසියාවේ ඉහළම විදුලි ගාස්තු ලංකාවේ

පුවත්

විදෙස්

දකුණු ආසියාවේ රටවල නිවාසවල සාමාන්‍යයෙන් විදුලි ගාස්තු ලෙස ගෙවන මුදලට වඩා 2.5 සිට 3 දක්වා ගුණයකින් වැඩි විදුලි ගාස්තුවක් ශ්‍රී ලංකාවේ ගෙවන බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකල විශ්ලේෂණයකින් හෙළිව තිබේ.

මෙම විශ්ලේෂණයෙන්, ඒකක 100, 200 හෝ 300 යනාදී වශයෙන් විදුලිය පරිබෝජනය කරන නිවාසවලින් කොපමණ විදුලි ගාස්තුවක් අයකරන්නේ ද, යන්න විමසුමට ලක් කර ඇත.

විශ්ලේෂණයට පදනම් කරගෙන ඇති ගණනය කිරීම සඳහා සැපයුම්කරුවාගේ ගාස්තුව පමණක් සැළකිල්ලට ගෙන ඇත. ඒ හැරෙන්නට වෙනම අයකෙරෙන සමාජ ආරක්ෂණ බද්ද වැනි ආණ්ඩුවේ බදු සැළකිල්ලට ගෙන නොමැත.

කලාපයේ දෙවැනියට වැඩිම විදුලි ගාස්තු ඇත්තේ පකිස්තානයේ ය. නමුත්, එම ගාස්තු ද, ශ්‍රී ලංකාවට වඩා බෙහෙවින් අඩු ය. විදුලි ඒකක 100ක් පරිබෝජනය කරන ශ්‍රී ලංකාවේ නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව එම ඒකක ගණනම භාවිතා කරන පකිස්තානයේ නිවෙස්වලට වඩා 50%කින් ඉහළ ය. ඒකක 300ක් භාවිතා කරන නිවෙස් ගෙවිය යුතු විදුලි ගාස්තුව 97%කින් ඉහළ ය.

ශ්‍රී ලංකාවේ විදුලි ගාස්තු ඉහළ යාම අන්තර්ජාතික මූල්‍ය අරමුදලට මෙරට ලබා දී, තිබෙන කැපවීමක් හා බැඳී තිබෙන්නකි. එම කැපවීමට අනුව ලංකා විදුලි බල මණ්ඩලය, පාරිබෝගිකයන් මත පනවන ගාස්තු සහ මහා භාණ්ඩාගාරයෙන් ලැබෙණ ඕනෑම සහනාධාරයක් ඒකාබද්ධයෙන් එහි සම්පූර්ණ වියදම ආවරණය කරගනු ඇත.

මෙම මස (2024 පෙබරවාරි) සිදුකිරීමට සැළසුම් කර ඇති බදු අඩු කිරීම යටතේ විදුලි ගාස්තු 4%කින් හෝ ඊට අඩු මට්ටමකින් කප්පාදු කෙරෙණු ඇත. නමුත්, එම අඩු කිරීමේ බලපෑම නොගිණිය හැකි තරම් වේ. එහි අර්ථය නම් ශ්‍රී ලංකාවේ නිවෙස්වලට දකුණු ආසියා කලාපයේම ඇති ඉහළම විදුලි ගාස්තු තවදුරටත් දැරීමට සිදුවනු ඇත යන්න ය.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!