spot_img
spot_imgspot_img

පල්ලිය කඩා දැමීමෙන් පසු ප්‍රචණ්ඩ ක්‍රියා ඇවිලේ

පුවත්

විදෙස්

නීතිවිරෝධී ලෙස ඉදිකරන ලද බව පවසමින් බලධාරීන් විසින් මුස්ලිම් පල්ලියක් කඩා දැමීමෙන් පසු උතුරු ඉන්දියාවේ ප්‍රාන්තයක ඇති වූ ප්‍රචණ්ඩත්වයෙන් අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් තිබේ. උත්තරාකාන්ද් හි හල්ද්වානි නගරයේ මෙම ප්‍රචණ්ඩත්වය ඇති විය.

බලධාරීන් පැවසුවේ පල්ලිය සහ යාබද මද්‍රාසා (ආගමික පාසල) ඇතුළු නීති විරෝධී ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා මෙම මෙහෙයුම දියත් කළ බවයි.

නමුත් මුස්ලිම් පල්ලියේ යාඥා කළ මුස්ලිම්වරු පවසන්නේ තමන් අසාධාරණ ලෙස ඉලක්ක කර ඇති බවයි.

ගැටුම්වලින් විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් සිය ගණනක් තුවාල ලැබූහ.

විරෝධතාකරුවන් වාහනවලට ගිනි තබන අයුරු සහ ගල්මුල් ප්‍රහාර එල්ල කරන අයුරුත් පොලිසිය ඔවුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරන අයුරුත් වීඩියෝ දර්ශනවලින් දැක්වේ.

ප්‍රදේශයේ ඇඳිරි නීතිය පනවා ඇති අතර තත්වය පාලනය කිරීම සඳහා රජය වෙඩි තැබීමේ නියෝග ද නිකුත් කර ඇත.

දිස්ත්‍රික් මහේස්ත්‍රාත් වන්දනා සිං පැවසුවේ, මුස්ලිම් පල්ලිය සහ මද්‍රාසා පාසල් නීති විරෝධී ලෙස රජයේ ඉඩමක ඉදිකර ඇති නිසාත්, ඒවා ආගමික ව්‍යුහයන් ලෙස ලියාපදිංචි කර නොමැති නිසාත් කඩා දැමූ බවයි.

“මෙම මෙහෙයුම කිසිඳු ප්‍රජාවක් ඉලක්ක කර ගෙන නොතිබුණි. එය සාමකාමීව ආරම්භ වූ නමුත් මැර පිරිසක් නිලධාරීන්ට පහර දුන් අතර එය ප්‍රචණ්ඩත්වයට හේතු විය,” සිං මහත්මිය කියා සිටියේ, පල්ලිය කඩා දැමීම පිළිබඳව බලධාරීන් විසින් කලින් දැනුම් දී ඇති බවයි.

ප්‍රදේශවාසීන් එය ප්‍රතික්ෂේප කර ඇති අතර අධිකරණය විසින් නඩුව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දීමට පෙර පල්ලිය කඩා දැමූ බව ඔවුහු පවසති.

ගොඩනැගිලි කඩා දැමීමට නිලධාරීන් පැමිණි විට අපි ඔවුන්ට ඊළඟ නඩු විභාගය තෙක් එය නවත්වන ලෙස ඉල්ලා සිටියෙමු. නමුත් ඔවුන් ඇහුම්කන් දුන්නේ නැත. ඔවුන් අධිකරණයේ අවසාන තීන්දුව එනතෙක් සිටියේ නම්, අපෙන් කිසිදු ප්‍රතිරෝධයක් ඇති නොවේවි. ,” ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු වන ෂකීල් අහමඩ් ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පැවසීය.

https://www.bbc.com/news/world-asia-india-68248362

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!