spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල ඉඩම ගන්නවාට ආචාර්යවරුන්ගේ විරෝධය

පුවත්

විදෙස්

කොළඹ විශ්වවිද්‍යාලයට අයත් ඉඩමක් කිසිදු දැනුම්දීමකින් හෝ විමසීමකින් තොරව නාගරික සංවර්ධන අධිකාරියට පවරාගැනීමට විරෝධය දක්වන බව කොළඹ විශ්වවිද්‍යාල ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය පවසයි.

විශ්වවිද්‍යාලයේ මුත්තයියා නේවාසිකාගාරය සහිත අක්කර දෙකක ඉඩම අත්‍යාවශ්‍ය සංවර්ධන කටයුත්තකට යැයි පවසමින් මෙලෙස පවරා ගැනීමට කටයුතු කිරීමට දැඩි ලෙස විරෝධය දක්වන බව එම සංගමය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට ලිඛිතව දැනුම් දී ඇත.  සංගමයේ සභාපති ත්‍යාගරාජා වරදාස් සහ වැඩබලන ලේකම් හංස ජයරත්න යන දෙදෙනාගේ අත්සන් සහිතව යවන ලද එම ලිපියේ පිටපත් මාධ්‍ය වෙත ද නිකුත් කර තිබේ.

ඔවුන් වසන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුවියන් 550ක් පමණ මෙම නේවාසිකාගාරයේ සිටින බවයි. ඒ අතර වෙනස් අවශ්‍යතා (differently able) සහිත සිසුවියන් ද මෙම නේවාසිකාගාරයේ නවාතැන් ගෙන සිටින බවයි.

විශේෂයෙන් ශාස්ත්‍ර පීඨ අචාර්ය සංගමය මෙහිදී පෙන්වා දෙන්නේ විශ්වවිද්‍යාල පරිපාලනය සමග කිසිදු සාකච්ඡෘවකින් තොරව මෙන්ම කිසිදු වෙනත් නේවාසිකාගාර පහසුකමක් සිසුන්ට ලබා නොදෙමින් වහාම ක්‍රියාත්මක වන පරිදි නාගරික සංවර්ධන අධිකාරිය විසින් මෙම ඉඩම අත්පත් කර ගැනීමට කටයුතු කිරීම පිළිබඳ තම සංගමය පුදුමයට පත් වන බවයි.

ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය මෙහිදී නාගරික සංවර්ධන අධීකාරියේ ඉහත නියෝගය නැවත සලකා බලන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටීයි.

මෙම ඉඩම සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කැබින්ට තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවක දී 2020 ජුනි මස 13 වැනි දින කියා සිටියේ කොරෝනා දිනවල දී තමන් මුත්තයියා නේවාසිකාගාරය නිරීක්ෂණය කිරීමට ගිය බවයි. එහි දී එක් කාමරයක ළමුන් 10 දෙනකු පමණ සිටින බැවින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් පවත්වාගෙන යා නොහැකි බැවින් ඔ්ෂන් වීව් නමැති හෝටලයක් සිසුන්ට ලබාදී මේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගන්නා බවයි.

නමුත් ඉන් පසු 2020 ජුනි 26 වැනි දා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසන්නේ මුත්තයියා නේවාසිකාගාරය පිහිටි මෙම ඉඩම විශ්වවිද්‍යාලයට අයත් ඉඩමක් නොවන බවයි. එය නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් බැවින් එම ඉඩමෙ ඇති නේවාසිකාගාරය ඉවත්කර ඔ්ෂන් වීව් හෝටලය නේවාසිකාගාරයක් බවට පත්කර ඉන් පසු ඔරුගොඩවත්තේ පිහිටි ඉඩමක සිසුවියන් 800ක් සඳහා නව නේවාසිකාගාරයක් ඉදිකරන බව ද අමාත්‍යවරයා පැවසීය.

කොළඹ විශ්වවිද්‍යාලයේ මහ ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල බුද්ධික මෙසේ පැවසීය.

“ මේ ඉඩම ඉතාමත් වැදගත් සහ වටිනා ස්ථානයක පිහිටා තබෙනවා. මේ නේවාසිකාගාරය 1995 සිට පවත්වාගෙන යන එකක්. මේ ස්ථානයට හැමදාම දේශපාලකයන් බැල්ම හෙලමින් හිටියේ. මේ හදිසියේ ම මෙය පවරා ගන්න යන්නේ ඒ නිසා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා කියනවා සෞඛ්‍ය ආරක්ෂික විධික්‍රම වලට නෑ කියලා. එතුමා එතැනට ගියාලු. ඇයි එතැනට විතරක් ගිහින් බැලුවේ. සෞඛ්‍ය ගැටලු තියෙන්නේ මේ නේවාසිකාගාරයේ විතරද ? මේ හදන්නේ මේ ඉඩම කොල්ල කන්න. මුලින් සෞඛ්‍ය ප්‍රශ්න කතා කරපු ඇමතිවරයා ඊට සති දෙකකට පස්සේ කියනවා මේ ඉඩම නාගරික සංවර්ධන අධිකාරියේ කියලා. රජය මේ කරන්නේ ඉඩම් කොල්ලකාලා වෙනත් පාර්ශවවලට ඉඩම් විකුණන්න.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!