spot_img
spot_imgspot_img

කුඩා දරුවන් තනිකර, මිත්‍යාව පසුපස ගිය දෙමාපියන් අත්අඩංගුවට

පුවත්

විදෙස්

කුඩා දරුවන් තිදෙනකු නිවසේ තනිකර දමා මිත්‍යා විශ්වාසයක් පසුපස ගිය මාපිය යුවළක් අත්අඩංගුවට ගත්බව කුලියාපිටිය පොලිසිය පවසයි.

වයස අවුරුදු 08ක්, 05ක් සහ 03ක් වූ දරුවන් තිදෙනකු මෙලෙස නිවසේ තනිකර ඔවුන් දෙදෙනා ශ්‍රී පාදයට ගොස් ඇත්තේ භාරයක් ඔප්පු කිරීමට බව අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දීගල්ල, එලතලව ප්‍රදේශයේ පදිංචි යුවළකි.

දරුවන් තිදෙනා තනියම නිවසේ සිටින බවත් ඔවුන් තදින් රෝගාතුරව ඇති බවත් පොලිසියේ 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිසිය දරුවන් තිදෙනා සොයාගොස් රෝහල්ගත කර තිබිණි.

පාන් සහ බිස්කට් කෑමට ගෙනවිත් දී අම්මාත් තාත්තාත් වන්දනාවේ ගොස් ඇති බව එහි දී පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

වන්දනාගමන නිමවී පැමිණි වහාම මාපියන් අත්අඩංගුවට ගෙන දරුවන් සාංකාවෙන් පෙළෙන බැවින් මව දරුවන් සමඟ රෝහලේ නතර කරවූ බව පොලිසිය පවසයි.

මෙම දරුවන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙමින් පවතින බව ද වෛද්‍යවරු කියති.

බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩමකළ අවස්ථාවක දී සිරිපා කඳු මුදුනට පැමිණ එහි නීල මාණික්‍යයක් මත පාද ලාංඡනය තබාගිය බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. ඒ නිසා බෞද්ධයෝ ශ්‍රී පාද වන්දනා කරති. නමුත් බුදුන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ බවට මෙතෙක් කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් හමු වී නොමැති අතර මිනිස් පා සළකුණක් ද ශ්‍රී පාද කඳු මුදුනේ නොමැති අතර කළු ගලක කිසියම් අයකු විසින් කොටවන ලද විශාල පා සටහනක් නම් දක්නට ලැබේ. එය මිනිස් පා සළකුණක් නොවේ. එමෙන් ම ශ්‍රී පාද කඳු මුදුණේ නීල මාණික්‍යයක් ද නැත.

1 COMMENT

  1. විමලරත්න කුමාරගම මැතිතුමාගේ අයියනායක පැදිපෙල කියවා බලන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
    පුවත් වාර්තාකරණයේදී ඔබේ මතය ඉදිරිපත් කිරීම නුසුදුසු බව තේරුම් ගන්නේනේ නම් මැනවි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!